සුරා මතින් කෑ ගසමින්
නිතරම දුම් උගුරැ බොමින්
ගෙවන ජිවිතේ සැපක්ද
කියාපන් ඉතින්...
ළමා ලපටි බඩගින්නේ
හඩා වැටෙයි ගේ මුල්ලේ
කන්න ටිකක් ගිහින් දෙන්න
නැද්ද අදහසක්...
උදේ ඉදන් වැඩ කරලා
ගත්ත සොච්චමත් දීලා
බිලා බිලා ගෙදර ගිහින්
නටයි නාඩගම්...
මේකම ජිවිතයම නම්
පවුල් දිවිය අවදානම්
ජිවිතයෙන් වන්දි ගෙවල
මැරිලම පලයන්.........