Showing posts with label පොඩ්ඩගේ කතා. Show all posts
Showing posts with label පොඩ්ඩගේ කතා. Show all posts

16 January 2013

නියම මිනිහෙක් වෙන්න


 "අනවසර ඉදිකිරීම් කියල කරගෙන ගිය එළවලු තට්ටුවත් නගර සභාවෙන් අයින්කරලා දැම්ම,හෙට ඉදල කරන්න දෙයකුත් නැහැ,එළවලු විකුණලා හොයන තුට්ටුදෙක ගෙදර ජිවත් කරන්නත් නංගියි මල්ලියි ඉස්කෝලේ යවන්න තරම් ප්‍රමාණවත් උනේ නැහැ,අමතර වියදමකට කලේ පත්තර කඩේට ගිහින් ඇප්ලිකේෂන් අරන් පුරවල රට වටේම තියෙන රැකියාවලට ඉල්ලුම්කරන එක,එත් හිත සැනසෙන්න එකම ඉල්ලුම් පත්‍රයකටවත් සතුටුදායක පිළිතුරක් නම් ලැබුනේ නැහැ"

"ඇමතිතුමාගෙන් ලියුමක් ගත්තොත් නම් එළවලු තට්ටුව දාගන්න මොනවා හරි කරගන්න පුළුවන් වෙයි,අදුරන කෙනෙක් එක්ක යන්න ඕනේ,අදුරන්නේ නැතුව නම් ලියුම් දෙන්නේ නැහැ"
උදේ තට්ටුවට ආව වෙලාවේ ආරොන් මාමා එහෙම කියල බුලත් විටකුත් හප හපා යන්න ගියා.

අපිට කොහෙන්ද බූල් බල්ලෝ,දැන් ඇමති තුමා ළගට යන්නේ කොහොමද??

කල්පනා කරකර ගෙදර ඇවිත් ගෙදර ගෙනා එළවලු මල්ලත් නංගිට දීලා මිදුලේ කොනේ ගහල තිබ්බ බංකුවට බර උනා.
"ෂිට්,හෙට ඉදල මොකක් හරි හොයාගන්නම වෙනවා,මොකද කරන්නේ,.............

පෑම් පෑම්............

අප්පටසිරි හෙන පැජරෝ එකක් කඩුල්ල ලග නතරකරලා කෙළියට හොඳ එක ගහනවා,ලග පාත වෙන ගෙයක් නැති නිසා මටම කියල හිතුනත් කවුද යකෝ අපිට මේ වාහන වලින් ඇවිත් කතාකරන්නේ,කල්පනා කරමින් ඒ පැත්තට ගියා.ළගට යනකොට කළු කන්නාඩිය පහත දාලා ඇතුලේ හිටපු චරිතේ මහ හයියෙන් හිනාවෙන්න ගත්තා.
හහ් හහ් හා......මොකෑ බන් යකෙක් දැක්ක වගේ ,ඇයි අදුරන්න බැරිද???

සක්කිලි හිනාවත් කතා විලාශයෙනුත් මේ අමිලය කියල අදුරගන්න අමාරු උනේ නැහැ,එත් දෙයියනේ මූ කොහොමද මෙහෙම ඉන්නේ,යටි හිතෙන් ආවේ  වේදනාවක්ද  ඊර්ෂ්‍යාවක් ද කියල හිතාගන්න වෙලාවක් තිබ්බේ නැහැ.
"ඉතින් ඉතින් මොකද දැන් කරන්නේ,කොහොමද ජිවිතේ,වරෙන්කො කතාකරමු. නැගපන්කො වාහනේට"

 ඒ ටිකට ප්‍රශ්න ගොඩයි,මමත් හිතාගන්න බැරිව වාහනේට ගොඩ උනා.

අමිල කියන්නේ මගේ පාසලේම සමවයසේ මිතුරෙක්,ස්කොලේ කාලේ ඉදලම සෙල්ලක්කාර ජිවිතයක් ගතකරපු අමිල ඉගෙනගන්න කොහෙත්ම උනන්දු උනේ නැහැ.
කට්ටි පනින එක ,හොර පොල් කඩන එක,අල්ලපු වත්තක කෙසෙල් කනක් කපන එක අමිලයට එච්චර දෙයක් උනේ නැහැ,අපි පන දාගෙන පාඩම් කරන කොට හොරෙන් පොල් කඩල විකුණලා ඒ සල්ලි වලින් ම ඉස්කෝලේ වත්ත පහල හොරෙන් රා පෙරාපු එක තමා අමිලගේ රාජකාරිය උනේ,එහෙම හිටපු මූ කොහොමද අද මෙහෙම ඉන්නේ...

"උඹ මොකද බන් කරන්නේ,කොහොමද ජිවිතේ"
අතීතය ගැන මතක් කර කර ගිහින් අන්තිමට මම අමිලගෙන් ඇහුවා.

"මචන් මම ඉන්නේ ඇමතිතුමා ගාව,කරන ජොබ් එකක් නම් නැහැ,ඇමතිතුමාගේ වතු ටිකේ පොඩි විසිට් එකක් දාගෙන ඉන්නවා,හිටපු ගමන් ඔය පොඩි පොඩි අවටියල් වැඩ කරන්න සෙට් වෙනවා.එකත් හෙන ආතල් බන්"

කිසිම ගානකට නැතුව අමිල ඔහේ කියාගෙන ගියා.

"ඉතින් බන්,එහෙම හරියනවද???හරියට පඩියක් දෙනවද???අම්මල එහෙම බලාගන්නේ කොහොමද???"
මම හිතාගන්න බැරුව ඇහුව.

"පිස්සුද බන්,ඇමතිතුමාට සල්ලි තියෙනවා හරක්ට කන්න,යකෝ ඇමතිතුමා ලග ඉන්නවනම් මොනවා කරන්න බැරිද???ඇමතිතුමාට තියෙනවා කියන්නේ අපිට තියෙනවා වගේ....."
අමිලය ඔහේ කියාගෙන ගියා.


---------

හරියට හරි,අමිලයගෙන් මට උදවුවක් ගන්න පුළුවන්.මට ආරොන් මාමා කියපු එක මතක් උනා.

"මචන් මට තවම ජොබ් එකක් නැහැ,හන්දියේ එළවළු තට්ටුවක් දාගෙන හිටියේ,එකත් උදේ ඇවිත් නගරසභාවෙන් අයින්කරගන්න කිව්වා,වෙන කරන්න දෙයකුත් නැහැ,උඹට පුළුවන් නම් ඇමතිතුමාගෙන් ලියුමක් අරන් දෙනවද"???

මම අමිලගෙන් ඇහුවා..

"පිස්සුද හු** .එළවලු බක්කි දාගෙන ඉන්න,කලින් කියන්න එපාය,හරි හරි මම උඹට එල ජොබක් සෙට්කරලා දෙන්නම්.ඕවාත් වැඩද.."
අමිලය පදෙන් දෙද්දී මට පුදුම හිතුනා.

"හරි හරි ඒක පස්සේ කතාකරමු,පොඩ්ඩක් ඔහොම හිටපන්"

එහෙම කියල වාහනේ නවත්වල අමිල බැහැල ගියා,
කොහොමද මුට මෙහෙම සෙට් උනේ,අපි මෙච්චර ඉගෙනගෙනත් තවමත් පාරේ,
9 වසරේදී ඉස්කෝලෙන් පැනල ගමෙන්ම ගිය අමිලය මට සෙට් උනේ අවුරුදු 12 විතර,ඒ ටිකට උගෙයි මගෙයි අතර වෙනස ගැන කල්පනාකාර කර ඉන්නකොට අමිල ලොකු පාර්සලයකුත් අරගෙන ආවා.

"මචන් උඹේ වෙලාවට අද ම සෙට් උනේ,දැන් බොසා කතාකලා,මම උඹ ගැන කිව්වා,හෙට උඹව එක්කරගෙන එන්න කිව්වා"

අමිල එහෙම කියද්දී මම දකින්නේ හීනයක්ද කියල හිතුනා,මේක අදහන්නේ කොහොමද???

දාහක් ප්‍රශ්න මම මගෙන් අහන ගමන් ඔහේ පාර දිහා බලාගෙන හිටියා,

"මේ දැන් අපි උඹලගේ ගෙදර ගිහින් අම්මලටත් කියල අදම කොළඹ යමු,එතකොට හෙට උදේම බොසා හම්බවෙන්න පුළුවන්"

අමිල දැන් මගේ ලෝකෙට ආව දෙවියෙක් වගේ,මම දෙපාරක් හිතන්නේ නැතිව හා කිව්වා.ගෙදර ඇවිත් අම්මට විස්තරේ කෙටියෙන් කියල තිබ්බ රෙදි දෙකතුනත් මල්ලක ඔබාගෙන ඉරණම් ගමන යන්න වාහනේට ගොඩ උනා,

"මචන් බොසාගේ වැඩ දෙකතුනක් තියෙනවා,යන ගමන් කරගෙන යන්න ඕනේ,අවුලක් නැහැ නේ"

පිස්සුද බන් උඹත් එක්ක යන්න ආවේ,උඹ කොහේ ගියත් මම අවුලක් ගන්නේ කොහොමද???
අමිල අහපු ඒ ප්‍රශ්නෙට උත්තර දෙනගමන් කිව්වා..





_____________මතුසම්බන්දයි _____________







29 November 2012

මම පරක්කුයි අප්පච්චි..... (2 කොටස)



"පොඩි පුතා මොකද කරන්නේ,පාඩම් කරනවද?පොත දිහා බලාන නිදි ද"?
ඒ අම්මගේ හඩ.
හිටපු කල්පනා ලෝකෙන් මිදිලා කුස්සියට ඇදුනට කන්න වත් හරියට පිරියක් නැති තරම්.කුප්පි ලාම්පු එලියේම හදල තිබ්බ රොටියක් කටට දෙකට ගිලින්න ගත්තේ ඉක්මනට කාමරයට යන්න හිතාන.
"හෙමිහිට කාපන්,හිරවෙයි''
ඒ මං අහන්න අකමැතිම කියල හිතපු හඩ ...........
කිසිවක් නෑහුන හොර ගොනෙකු ලෙසින් රොටිය ගිල දැමු මම වහා කාමරයට ගියේ නිදාගන්න බලාගෙන.
"පොඩි පුතා.............. ..........................    
ආයෙත් මොකද මේ???හෙමිහිට හෙමිහිට දොර රෙද්ද ඈත් කරලා සාලෙට ආවේ දවල් කරපු මගඩියක් මාට්ටු වෙලාද දන්නැහැ සිතමින්.
"පුතේ මෙතනින් වාඩි වෙන්න"
කවදාකවත් නැති කරුණාවකින් එහෙම කියනකොට මට මහා අමුත්තක් දැනුනා.මොකක්ද මේ වෙන්න යන්නේ ???
"පුතේ මං කියන දේ හොදට අහගන්න.අපි අහිංසක දුප්පත් මිනිස්සු,අපිට හදිස්සියකට මුදලක් ඉල්ලගන්න,උදව්වක් ඉල්ලගන්නවත් කෙනෙක් නැහැ,අපේ කාලේ අපි හරියට ඉගෙනගත්තේ නැති නිසා අද අපි ඔක්කොම දුක් විදිනවා,මම කරපු වරද උඹ කරල කරදරේ මෙහෙම දුක් විදිනවා දකින්න මම කැමති නැහැ,ඒ නිසා මම යි අම්මයි මොන දුක හරි විදලා උඹට උගන්වන්න හදන්නේ,හොදට ඉගෙන ගනින් මගේ පුතේ,ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට හොදට පාඩම් කරල හොදට  පාස්වෙන්න ඕනේ,එතකොට ඔයාට ලොකු ඉස්කෝලෙකට යන්න පුළුවන්,ලබන සතියේ ඉදල හන්දියේ ශිෂ්‍යත්ව පන්තිය පටන් ගන්නවලු.එකට යන්න,මම හෙට එනකොට පොත් ටිකක් අරන් එන්නම්"
එක හුස්මට තාත්තා මෙහෙම කියාගෙන ගියේ මොනවාද කියල තේරුනත් ඒ ගැන හරි අවබෝදයක් ගන්න තරම් මම පින්කරලා තිබ්බේ නැහැ,කාමරයට ආව මගේ හිත කල්පනා කලේ "එයා වැරදි කලාලු,එහෙනම් ඇයි මගෙන් වරදක් උනාම මේ විදියට දඩුවම් දෙන්නේ,එයා හරියට ඉගෙනගත්තේ නැතුව ඇයි මට ම මෙහෙම කියන්නේ,සිතුම්ලාගේ තාත්තා,වජිරලාගේ තාත්තා එහෙම ඒ කාලේ හොදට ඉගෙනගෙන දැන් දරුවන්ට මුදල් වියදම් කරනවා,අපේ තාත්තා එකේ අනික් පැත්තද කරන්න යන්නේ"
එදා එහෙම හිතෙන්න මම ගොඩාක් පවු කරලා තියෙන්න ඇති.මොකක්ද මේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ,තවත් කරදරයක්.මෙහෙම හිතමින් නින්දට ගිය මම උදේ ඇහැරුනේ.
"අනේ අනේ පොඩ්ඩා,නැගිටින්නේ නැද්ද,ඉස්කෝලේ යන්න,කොච්චර කිව්වත් මේකා හැදෙන එකෙක් නෙවි වගේ"
අප්පේ..දැන් අම්මත් කියවන්න පටන් අරන්.






(රාජකාරි වෙලාවේ ලියන්නේ,අද වැඩ පොඩ්ඩක් අඩු නිසා,කියවල බලල කියන්නකෝ කොහොමද කියල.ඔයාලගේ අදහස් තමා මාව දිරිමත් කරන්නේ.ජය වේවා...)

27 November 2012

මම පරක්කුයි අප්පච්චි..... (1 කොටස)


පොඩි කාලේ නොතේරුමට උනත් පොඩි වරදක් කලාම තරහින් බැනල කෝටූ පාරක් දෙකක් දෙනකොට ඔයාව පෙනුනේ මහා කරදර කාරයෙක් වගේ,ඔයා හවසට වැඩ ඇරිලා එනකොට දොරලගට වෙලා බලාගෙන හිටියේ බයකින් හා සතුටකින්,බය උනේ දවල් කරපු දග වැඩක් මාට්ටුවෙලා තිබ්බොත් කියල,ඒ වගේම සතුටු උනේ ඔයා මොනවා හරි දෙයක් කන්න ගේන එක අනිවාර්යයෙන් දන්න නිසා..
ටික ටික තේරෙන වයසට එනකොට ඔයාව තේරුම් ගන්න බැරි උනා,මොකටද මෙයා පොඩි දෙයටත් ගහන්නේ බනින්නේ,වෙන කවුරුත් එහෙම නැහැ,...........
ඒ වගේම මොනවාද මෙයා මේ හැටි කල්පනා කරන්නේ,මට බැනල හරි ගහල හරි මහා වෙලාවක් අහස පොලව ගැටගහන්න වගේ කල්පනා කරන්නේ..
ඉස්කෝලේ යන වයස ඇවිත් ඉස්කෝලේ යනකොට
 "පුතේ හොදට ඉගෙන ගන්න,පාඩම් කරන්න,නිතරම නටන්න යන්න එපා,ගෙදර වැඩ කලාද"
දහාක් ප්‍රශ්න...දැන් නම් මට මෙයාව එපාවෙලා තියෙන්නේ.
ඉස්කෝලේ ගිහින් සමවයසේ එවුන් කතාකරන දේවල්
"අඩේ අපේ තාත්තා මට බයිසිකලයක් අරන් දුන්න"ඒ සිතුම්...
ඇයි අපේ තාත්තා මට ලොකු කාර් එකක් අරන් දුන්න..මේ තවත් එකෙක්.....
මට කියන්න දෙයක් නැතිකමට කට වහගෙන හිටියා,වෙලාවකට මගෙන් අහනවා,
"උඹලගේ තාත්තා මොනවාද අරන් දෙන්නේ,තාත්තා මොකද කරන්නේ"
මේ වගේ දේවල් අහල ඔලුව විකාර වෙලා ගෙදර ආවම හවසට ඇවිත් අහනවා
"අද ඉස්කෝලේ මොකද කලේ,හොදට පාඩම් කලාද ????ගෙදර වැඩ දුන්නද????රෑ වෙන්න කලින් ඒවා කරන්න."
ගර්ර්ර්ර්ර්ර්.......මොන වදයක්ද ,හිතින් හිතමින් කාමරයට යන මගේ පුංචි ඔලුව මහාම බරක් දැනෙන්න ගන්නවා,වේදනාවක් කියල දෙයක් ගැන නොතේරුණත් පන්තියේ කොල්ලෝ කියන කතාත් එක්ක නොදනිම ඇස් වලින් කදුළු කඩා වැටුණු හැටි අනන්තයි.

(මට වැරදුනාද???? වැරදුනේ කොතනද?????ලියන්න අදහස් දිගටම ආවට මේක පලවෙනි කතාව නිසා ඔයාලගේ අදහස් බලලම ලියන්න ඕනේ කියල හිතුනා.)