Showing posts with label හද රැදී ගී පද ( song lyrics ). Show all posts
Showing posts with label හද රැදී ගී පද ( song lyrics ). Show all posts

01 December 2012

සිදාදියෙ නුඹ දුටුවට මං ගම්මානේ


සිදාදියෙ නුඹ දුටුවට මං ගම්මානේ
අම්ම එක්ක නුවර වදින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුනේ
දුප්පත් මට සමච්චලේටද හිනා උනේ.......// 

කලිසම ඉරුනට හරියට ඒක පේන්නෑ
අම්ම හොදට මහල දුන්න ඒකට බය නෑ..
උඩ බොත්තමෙ ගහල තියෙන කටුව පේන්නෑ...
සෙරෙප්පු දෙක හොදට ගෙවිල දැක්කොත් හරි නෑ....

සිදාදියෙ නුඹ දුටුවට මං ගම්මානේ.....

ගෙදර ආව තමයි ආවෙ කොහොමද දන්නෑ
බකිනි මලක් වගේ මූණ අමතක වෙන් නෑ
ආයෙ නුවර කවද යයිද කියල දන්නෙ නෑ
අඩන්නැතුව කදුලු ආවෙ කොහොමද දන්නෑ...

සිදාදියෙ නුඹ දුටුවට මං ගම්මානේ
අම්ම එක්ක නුවර වදින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුනේ
දුප්පත් මට සමච්චලේටද හිනා උනේ.......//