සඳකට සමකලත් ගැහැණිය පෙර දිනක
ලස්සන තිබුනේ හැංගුව කලටයි හෙළුව
ඒ බව නොදත් සමහරු හොල්මන් විලස
යයි මග දිගට පෙන්නාගෙන හෙළුව....
ඇදුමට යාරයයි බොහො වියදම් නැතුවා
වැහෙන්නේ බාගයයි ඉන් වැඩකුත් නැතුවා
පෙන්නන නිසා කොල්ලන් ඒ දෙස බැලුවා
තනිකඩ සිතට ඉන් සහනය අත්වූවා...
පෙන්නන් ගිහින් බැලුවම වැරදියි කියලා
මැසිවිලි නගනවා හරි වැදගත් කියලා
වහගෙන ගියානම් හරියට රෙදි ඇදලා
බලන්නේ කවුද දර මැස්සක් ඇත දැකලා...