29 November 2012

මම පරක්කුයි අප්පච්චි..... (2 කොටස)



"පොඩි පුතා මොකද කරන්නේ,පාඩම් කරනවද?පොත දිහා බලාන නිදි ද"?
ඒ අම්මගේ හඩ.
හිටපු කල්පනා ලෝකෙන් මිදිලා කුස්සියට ඇදුනට කන්න වත් හරියට පිරියක් නැති තරම්.කුප්පි ලාම්පු එලියේම හදල තිබ්බ රොටියක් කටට දෙකට ගිලින්න ගත්තේ ඉක්මනට කාමරයට යන්න හිතාන.
"හෙමිහිට කාපන්,හිරවෙයි''
ඒ මං අහන්න අකමැතිම කියල හිතපු හඩ ...........
කිසිවක් නෑහුන හොර ගොනෙකු ලෙසින් රොටිය ගිල දැමු මම වහා කාමරයට ගියේ නිදාගන්න බලාගෙන.
"පොඩි පුතා.............. ..........................    
ආයෙත් මොකද මේ???හෙමිහිට හෙමිහිට දොර රෙද්ද ඈත් කරලා සාලෙට ආවේ දවල් කරපු මගඩියක් මාට්ටු වෙලාද දන්නැහැ සිතමින්.
"පුතේ මෙතනින් වාඩි වෙන්න"
කවදාකවත් නැති කරුණාවකින් එහෙම කියනකොට මට මහා අමුත්තක් දැනුනා.මොකක්ද මේ වෙන්න යන්නේ ???
"පුතේ මං කියන දේ හොදට අහගන්න.අපි අහිංසක දුප්පත් මිනිස්සු,අපිට හදිස්සියකට මුදලක් ඉල්ලගන්න,උදව්වක් ඉල්ලගන්නවත් කෙනෙක් නැහැ,අපේ කාලේ අපි හරියට ඉගෙනගත්තේ නැති නිසා අද අපි ඔක්කොම දුක් විදිනවා,මම කරපු වරද උඹ කරල කරදරේ මෙහෙම දුක් විදිනවා දකින්න මම කැමති නැහැ,ඒ නිසා මම යි අම්මයි මොන දුක හරි විදලා උඹට උගන්වන්න හදන්නේ,හොදට ඉගෙන ගනින් මගේ පුතේ,ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට හොදට පාඩම් කරල හොදට  පාස්වෙන්න ඕනේ,එතකොට ඔයාට ලොකු ඉස්කෝලෙකට යන්න පුළුවන්,ලබන සතියේ ඉදල හන්දියේ ශිෂ්‍යත්ව පන්තිය පටන් ගන්නවලු.එකට යන්න,මම හෙට එනකොට පොත් ටිකක් අරන් එන්නම්"
එක හුස්මට තාත්තා මෙහෙම කියාගෙන ගියේ මොනවාද කියල තේරුනත් ඒ ගැන හරි අවබෝදයක් ගන්න තරම් මම පින්කරලා තිබ්බේ නැහැ,කාමරයට ආව මගේ හිත කල්පනා කලේ "එයා වැරදි කලාලු,එහෙනම් ඇයි මගෙන් වරදක් උනාම මේ විදියට දඩුවම් දෙන්නේ,එයා හරියට ඉගෙනගත්තේ නැතුව ඇයි මට ම මෙහෙම කියන්නේ,සිතුම්ලාගේ තාත්තා,වජිරලාගේ තාත්තා එහෙම ඒ කාලේ හොදට ඉගෙනගෙන දැන් දරුවන්ට මුදල් වියදම් කරනවා,අපේ තාත්තා එකේ අනික් පැත්තද කරන්න යන්නේ"
එදා එහෙම හිතෙන්න මම ගොඩාක් පවු කරලා තියෙන්න ඇති.මොකක්ද මේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ,තවත් කරදරයක්.මෙහෙම හිතමින් නින්දට ගිය මම උදේ ඇහැරුනේ.
"අනේ අනේ පොඩ්ඩා,නැගිටින්නේ නැද්ද,ඉස්කෝලේ යන්න,කොච්චර කිව්වත් මේකා හැදෙන එකෙක් නෙවි වගේ"
අප්පේ..දැන් අම්මත් කියවන්න පටන් අරන්.






(රාජකාරි වෙලාවේ ලියන්නේ,අද වැඩ පොඩ්ඩක් අඩු නිසා,කියවල බලල කියන්නකෝ කොහොමද කියල.ඔයාලගේ අදහස් තමා මාව දිරිමත් කරන්නේ.ජය වේවා...)

0 කියපු දේවල්:

Post a Comment

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.