30 November 2013

කම්මලේ සිහින

රත්වූ යකඩය නිවෙන්න මත්තෙන් තලාපෙලා ගෙන එය මහ සද්දෙන් කුසගිනි නිවන්න බාදක මැද්දෙන් සමාවෙයන් කැඩුවට නුඹ නින්දෙන් පුංචි පුතේ නුඹ ඉපදුන දා සිට වගකීමක් වැඩිවිය මගේ ඔළුවට පුංචි ගෙදර සුවසේ නිදියන්නට බැහැ කම්මලේ මහ සද්දය එනවිට නුඹ ගැනමයි නිතරම වද වෙන්නේ මිල මුදලුයි මට හරහට ඉන්නේ වැඩ නොකරොත් අපි කොහොමද කන්නේ වැඩ කරොතින් කොහොමද නිදියන්නේ......

16 January 2013

නියම මිනිහෙක් වෙන්න

 "අනවසර ඉදිකිරීම් කියල කරගෙන ගිය එළවලු තට්ටුවත් නගර සභාවෙන් අයින්කරලා දැම්ම,හෙට ඉදල කරන්න දෙයකුත් නැහැ,එළවලු විකුණලා හොයන තුට්ටුදෙක ගෙදර ජිවත් කරන්නත් නංගියි මල්ලියි ඉස්කෝලේ යවන්න තරම් ප්‍රමාණවත් උනේ නැහැ,අමතර වියදමකට කලේ පත්තර කඩේට ගිහින් ඇප්ලිකේෂන් අරන් පුරවල රට වටේම තියෙන රැකියාවලට ඉල්ලුම්කරන එක,එත් හිත සැනසෙන්න එකම ඉල්ලුම් පත්‍රයකටවත් සතුටුදායක පිළිතුරක් නම් ලැබුනේ නැහැ" "ඇමතිතුමාගෙන් ලියුමක් ගත්තොත් නම් එළවලු තට්ටුව දාගන්න මොනවා හරි...

මගේ සිතින් උපන් යෂ්ටිය

බ්ලොග් ලියන්න අරගෙන මාස තුනක් උනත් තවම ඔයාලත් එක්ක හරියට කතාකරන්න බැරි උනානේ,ඉතින් සිදුවුන වෙනස්කමුත් එක්කම මට හිතුනා මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ කොහොමද???ඒකට හේතුව ආදී දේවල් ගැන පොඩ්ඩක් මතක් කරන්න. මුලින්ම බ්ලොග් ලියන,කියවන එක ගැන මගේ එච්චර උනන්දුවක්,දැනීමක් තිබ්බේ නැහැ.බ්ලොග් එකක් කරන්න කියල මුලින්ම හිතුවේ සිංහල ගී පද,සියලුම සිංදු ඇල්බම් බාගතකරන්න සයිට් එකක් හදන්න.මේ අදහස ගැන මුලින්ම මම කිව්වේ බ්ලොග් ලියම කියවන ගොඩාක් දෙනා හදුනන පරසතු...

10 January 2013

අභිසාරිකාවක් දෝ නුඹ......

සඳ පානෙම ඔබේ තුරුලට පෙර ආ හැටි සිහිවෙනවා හොර රහසින් විදි කම්සැප තවමත් මතකෙට එනවා පවුලක් ලෙස එක්වෙන්නට බැහැ දෙන්නට වැටහෙනවා නුඹ ගැන මතකය හැමදා හද තුල ජිවත් වෙනවා... නොසිතු ලෙස නුඹ හමු වී දොඩමලු ඌ එම දිනයේ සිතුවෙම නැහැ තුරුළුවෙන්න අන්සතු වූ ඔබේ යහනේ මිල මුදලුත් යස ඉසුරුත් නොඅඩුව ඇති නුඹේ නිවසේ හිමි හට ඇයි පිටුපෑවේ නුඹ මේ ලෙස හොර රහසේ... මේ සම්පත් හැම තිබුනට බැහැ ජිවිතයක් ගෙවන්න මුදල මතම නැහෙනා එක ඔබවත් අමතක කරන්න කීවත් ඔහු හට නොහැකිය...

09 January 2013

පියාණෙනි.....

බටහිර අහසින් හිරු බැසයන මේ සුන්දර සැන්දෑවේ.... ඇසෙනා බට ලී රාවය අතරින් පියතුම ඔබ සිහිවේ.... පුංචිම කාලේ සුරතේ එල්ලි සෙල්ලම් කල තාලේ.. අම්මත් සොයුරන් සමගින් සතුටින් ගෙවුනා අපේ බාලේ.. නැගඑන හිරු ලෙස ඔබව දකින්නට හැම දින පැතුවා නේ..  ඉපදෙන හැමටම උරුමය මරණය මට තේරුනෙ නැහැ නේ.... ...