03 December 2012

බේබද්දා....




සුරා මතින් කෑ ගසමින් 
නිතරම දුම් උගුරැ බොමින්
ගෙවන ජිවිතේ සැපක්ද 
කියාපන් ඉතින්...
ළමා ලපටි බඩගින්නේ 
හඩා වැටෙයි ගේ මුල්ලේ
කන්න ටිකක් ගිහින් දෙන්න 
නැද්ද අදහසක්...
උදේ ඉදන් වැඩ කරලා 
ගත්ත සොච්චමත් දීලා
බිලා බිලා ගෙදර ගිහින් 
නටයි නාඩගම්...
මේකම ජිවිතයම නම්
පවුල් දිවිය අවදානම්
ජිවිතයෙන් වන්දි ගෙවල 
මැරිලම පලයන්.........

14 කියපු දේවල්:

  1. අප්පේ...ඒකනම් ඇත්ත බං!

    ReplyDelete
    Replies
    1. බොන හැමෝම මෙහෙම නොවුනත් මේ වගේ කාලකන්නි පිරිසක් ඉන්නවා නේද සහෝ,ස්තුතියි අදහසට

      Delete
  2. ඔව් මැරිලම පල කියලා තමයි කියන්න වෙන්නේ..එහෙව් ජීවිතේකින් ඇති වැඩක් නැනේ...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. මේ වගේ උන් මැරිලා යන එක දරු පවුලටත්,රටටත් හැමෝටමත් ලොකු වාසියක්,ස්තුතියි රතී අදහසට.

      Delete
  3. අහිංසක දරු පවුලම ඉවරයි...ඇත්තටම මෙහෙම අයත් ඉන්නවනේ අපි අතර..

    ReplyDelete
    Replies
    1. බොන එක වැරදියි කියන්නෙම නැහැ,එත් හරි කියන්නනත් බැහැ,හවසට හීනියට පොඩි අඩියක් ගහල කාටවත් නොදැනෙන්න ගෙදර දොරේ අවශ්‍ය බඩු බාහිරාදියත්,දරුපැටවුන්ට මොනවා හරි දෙයකුත් අරන් ගිහින් විහිළුවෙන් ලස්සනට ජීවිතය ගෙවන අයත් ඉන්නවා,
      එත් මේ වගේ කාලකන්නි අපේ රටේ වැඩි එක ගැන දුකයි.
      ස්තුතියි dreams අදහසට.

      Delete
  4. ඇත්ත ඇත්ත. හ්ම්ම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිහින මදාරා

      Delete
  5. හප්පෝ අපේ පුංචිගේ මිනිහත් බොනවා..
    දවසක් මන් හොම්බට ඇන්න ..
    මට පෙන්න බැහැ බීල ගෑනි ඉස්සරහ රගන උන්

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත silentsahan සහෝ,සමහරු කටේ ගාගත්තත් බෝතලයක් ගැහුවා වගේ,
      ස්තුතියි අදහස් වලට.

      Delete
  6. සහතික ඇත්ත....
    ඒ වගේ උන් නම් මැරිලා යන තරමට හොදයි...
    පවුලට,දෙමවුපියන්ට,රටට,ලෝකෙට ඇති වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. අනිවා දමිත් සහෝ,......
      ස්තුතියි අදහස් එක කලාට

      Delete
  7. අන්න හරි කියපන් කියපන් ඕකුන් මැරිලම පල....එතකොටවත් අපිට පාඩුවේ චුට්ටක් බීලා පාඩුවේ ඉන්න පුළුවන්...නැත්නම් යකෝ බාර් එකට ගියාම මුන් වටේම පිරිලා....(අපේ අප්පේ මම විහිලුවට කිවුවේ...අපි බොන්නෙත් නෑ,ඕනත් නෑ..)

    ReplyDelete
    Replies
    1. හික්....ඔය කිව්වට

      Delete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.