02 December 2012

පෙම්වතිය මගේ එදා සිටි ඔබ මෙහෙනියක ඌවේ කෙසේ

දුහුල් සළු හැදී රාගනෙතු ඔබේ 
දකින විට මම පෙරදිනේ
සිහිඋනා කල කවට කෙලිකම්
මතක නොමියෙන අතීතේ

අපේ ආදර පෙම් කතාවට 
වසර හතරක් ගතවුනේ
මා එපා වී ගිය ඔබම ගැන
ලතවුනා මුළු ජිවිතේ

නුඹ වැළදගත් අන්ධ පැතුමන්
කඩා බිඳ දැම්මේ කෙසේ 
කවරදා හෝ ඔබ දකින්නට
පැතුම් පැතුවා හැම දිනේ

පෝයදා පුරහදක් විලසට
මැවුණු ඒ රුව හදිසියේ
පෙම්වතිය මගේ එදා සිටි ඔබ
මෙහෙනියක ඌවේ කෙසේ


14 කියපු දේවල්:

  1. මට නාමල් උඩුගමගේ ගේ සින්දුවක් මතක් උනා...

    සංවේදීයි පද ටික..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලිහිණි,

      Delete
  2. අපූරු පද ටික. මටත් මතක් උනේ නාමල්ගේ සින්දුව. මේකත් ගීයකට සුදුසුයි කියල හිතෙනවා මට නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන සහෝ,

      Delete
  3. මෙහෙණියක වී සසර කතරින් එතෙර වන්නට පාරමි දම් පුරනා
    ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා.......

    මට නාමල්ගෙ සිංදුවෙ මෙච්චරයි මතක....

    ලස්සනයි......

    ReplyDelete
    Replies
    1. පිසාචයා....ස්තුතියි යාලු....
      මෙන්න සහෝ නාමල්ගේ සින්දුව.

      මෙහෙණියක වී සසර කතරින්
      එතෙර වන්නට පාරමී පුරනා...
      ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා
      පෙමින් එදා මා ළඟ උන්නා...

      අවිහිංසක ඔබ අවිහිංසක මා
      දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා...
      මා රිදවන්නට නොහැකිව ඔබෙ හද
      දහස් වරක් දෙගුරුන් රිදවූවා...//

      මෙහෙණියක වී...

      පළිගන්නට මිස පිළිගන්නට මා
      දෙගුරුන්ගේ සිත් නොකැමැති වූවා...
      ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට
      කසාවතට ඔබෙ වත දන් දුන්නා...//

      මෙහෙණියක වී...

      Delete
  4. ඇයි අර තවත් සින්දුවක් තියෙනවා නේද ඔය මෙහෙණියක් වුනු කෙනෙක් ගැන.... මට සින්දුවේ පද මතක නෑ....

    ReplyDelete
    Replies
    1. පද පෙලියක්වත් මතක නම් කියන්න සමනළි..

      Delete
  5. මචන් අද තමා අවේ පුදුම විදිහට අවුල්
    උන මේක දැකල මාව ...

    ReplyDelete
  6. ඔහොම දේවල් ටිකක් මගේ ජීවිතෙත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ජිවිතේ ඔහොම තමා යාලු,අපිට ජිවිතයේ වෙනස් කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි,

      Delete
  7. කියවද්දී මැවිලා පෙනුනේ මගේ කෑල්ලකුත් එහෙම ඉන්නවා වගේ....කොහෙද අපිට එහෙම දකින්න පිනක් නෑනේ

    ReplyDelete
    Replies
    1. එතකොට් උමා ට කෑලි කියද????????
      (සතුටුයි අදහසක් එක්කලාට,විහිලුකලාට අමනාප වෙන්නැති වෙයි නේද???)

      Delete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.