07 December 2012

අම්මා ළග නැතත් පුතේ එපා මේ ලෙසින් හඩන්න.......


ආදරයෙන් බලාගන්න 
තුරුලට ගෙන කවි කියන්න
අම්මා ළග නැතත් පුතේ 
එපා මේ ලෙසින් හඩන්න

අපි හැමදෙන ගැන හිතලා

මහ යස ඉසුරක් පතලා
අකමැත්තෙන් තමයි ගියේ
අහස් යන්තරේ නැගලා

හිතෙන විටදී ළගට පුතේ

එන්නට බැහැ දුරක් ඇතේ
ඇය නැති පාළුව දැනුනට
නාඩන් රත්තරන් පුතේ

6 කියපු දේවල්:

  1. පට්ට සින්දු ටික යාළු....අදමයි ආවේ...අද ඉඳන් වෙලාවක් තියෙන හැමදාම එනවා...

    ReplyDelete
    Replies
    1. උමා(දසුන්)................
      ස්තුතියි සහෝ...

      Delete
  2. හරි ලස්සන පද පේළි ටිකක්.. අදමයි ආවේ මේ පැත්තට.. පෝස්ට් දාන හැමවෙලාවකම ආයේ එන්නම්..
    ජය!!

    ReplyDelete
    Replies
    1. ආආ..මේ බ්ලොග් එකේ පාට ටිකට මම හරි ආසයි..

      Delete
    2. ස්තුතියි ශම්මි..

      Delete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.