04 January 2013

නාරිලතා ගහ


සඳකට සමකලත් ගැහැණිය පෙර දිනක
ලස්සන තිබුනේ හැංගුව කලටයි හෙළුව
ඒ බව නොදත් සමහරු හොල්මන් විලස
යයි මග දිගට පෙන්නාගෙන හෙළුව....

ඇදුමට යාරයයි බොහො වියදම් නැතුවා
වැහෙන්නේ බාගයයි ඉන් වැඩකුත් නැතුවා
පෙන්නන නිසා කොල්ලන් ඒ දෙස බැලුවා
තනිකඩ සිතට ඉන් සහනය අත්වූවා...

පෙන්නන් ගිහින් බැලුවම වැරදියි කියලා
මැසිවිලි නගනවා හරි වැදගත් කියලා
වහගෙන ගියානම් හරියට රෙදි ඇදලා
බලන්නේ කවුද දර මැස්සක් ඇත දැකලා...


6 කියපු දේවල්:

  1. කතාව ඇත්ත බං ...

    ReplyDelete
    Replies
    1. යා යා මීයා,අත්දැකීම් එහෙම තියේද???

      Delete
  2. /*ලස්සන තිබුනේ හැංගුව කලටයි හෙළුව*/
    ඒක නම් ඇත්ත කතාව.

    ReplyDelete
  3. හෙහ් හෙහ්.....ස්තුතියි කොල්ලෝ....

    ReplyDelete
  4. කෝ ඉතිං නාරිලතා ගහක දැම්මනම් නියමෙට තියෙයිනේ

    ReplyDelete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.