30 November 2012

හැරගිය නුඹ එන්න එපා සිහිනෙන් වත් මගේ ළගට



බාලේ පාසලේ සිට බැදී අපේ ආලේ
දළුදා වැඩුණුහැටි අමතක කලතාලේ
දිලිදුයි කියා මා අතහැර ගිය වෙලේ
අමතක කරනු කෙලෙසද පෙම්කල තාලේ...

මා හැර දමා ගිය මාවත අදුරු කරන්
ඇය පැතු හැම සිහිනයක්ම සුන්වගිහින්
වැහැරුණු ගත දරු පැටියෙක් තුරුලු කරන්
ඇය ඉන්නවා,අන්සතු ලඳ මොටද ඉතින්...

මගතොට දකිනවිට ඈ දැන් හිනැහෙනවා
එන්නේ මොකටදැයි මටනම් වැටහෙනවා
අතීත සමරු දහසක් හද තෙරපෙනවා
හැරගිය නුඹ එපා මම වෙනතක යනවා..

8 කියපු දේවල්:

  1. ඔව්..හැර ගියාට පස්සෙ තව මොනාද....
    සරළ පද ටික ලස්සනයි...

    ReplyDelete
  2. ඔව් ලිහිණි,අපි ගිය එක දුකක් උනත් හිත හදාගන්න වෙනවා,මොකද බැරි වෙලාවත් දෙන්න එකතු උනාට පස්සේ දාලා ගියොත් ඒක දරාගන්න අරාමු වෙනවා,ස්තුතියි අදහසට..

    ReplyDelete
  3. කවි ටික ලස්සනයි.... :)
    ආදරය විදින අයට වඩා විරහව විදින අය වැඩිද මන්දා....

    ReplyDelete
    Replies
    1. ආදරෙත් විදිනවට වඩා විදවන අය වැඩියි කියල හිතෙනවා සමනළි.ස්තුතියි අදහසට.

      Delete
  4. අම්මප ඇත්ත..දාලා ගියා නම් ආයේ එන්න එපා දකින්නවත් ...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතියි රතී...

      Delete
  5. කවියේ කියවුන කතාව ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිහින මදාරා....

      Delete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.