24 November 2012

යමු තුන්ලොව සැපත සොයා.....




තණමල්විල ගිහින් ගෙනා
මල් පන්දම ගනින් ඔතා,,,
වරෙන් මිතුරනේ විගහට
යමු තුන්ලොව සැපත සොයා.....
අරක්කු මහ ජරාවක්
බිව්වොත් වලි ගුහාවක්
මේක එහෙම නැහැනේ බොලව්
රස ආතල් ගුහාවක්,,,
යන්නෙත් වියදම අඩුවෙන්
බිව්වම යන්නේ ගුවනින්,,
කරදරයක් නැහැ කාටත්
දන්නෝ පිළිගති කවදත්,
පොලොසියෙන් අල්ලන්නේ
බොන පොඩි උන් විතරයිනේ
ලොකු ලොකු උන් ලොකු ලොකුවට
කොළඹට බඩු ගෙනියන්නේ
නිතිය බල්ලට වැටිලා
බල්ලා රජ පුටුව දරා
අනේ මෙහෙව් රටක කෙරුම්
කිව්වට පල නැත කිසිදා.......

(ප.ලි: ගංජා බිමට අත්වැලක් වෙන අයුරින් මෙය නිර්මාණය නොකළ බවත් ගංජා බිම පමණක් වරදක් නොවන බවත් රටේ නිතිය ගැන මහත් ආඩම්බරයෙන් යුතුව සටහන් කරමි.)


6 කියපු දේවල්:

  1. අපි නම් බීලා නැහැ ඕවා

    ReplyDelete
    Replies
    1. අපි දන්නෙත් නැහැ....................(රහසින් හිතමින්......ම්ම්ම්..දන්නැද්ද???) ::T

      Delete
  2. දන්නෙ නැති දේවල් ගැන මොනවා කියන්නද අප්පා...පද ටික නම් සිරා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..... ලිහිණියෝ...

      Delete
  3. අනේ... මාත් මේවා ගැන නම් දන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. සමනළි පොඩි වැඩියි.......

      Delete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.