27 November 2012

මම පරක්කුයි අප්පච්චි..... (1 කොටස)


පොඩි කාලේ නොතේරුමට උනත් පොඩි වරදක් කලාම තරහින් බැනල කෝටූ පාරක් දෙකක් දෙනකොට ඔයාව පෙනුනේ මහා කරදර කාරයෙක් වගේ,ඔයා හවසට වැඩ ඇරිලා එනකොට දොරලගට වෙලා බලාගෙන හිටියේ බයකින් හා සතුටකින්,බය උනේ දවල් කරපු දග වැඩක් මාට්ටුවෙලා තිබ්බොත් කියල,ඒ වගේම සතුටු උනේ ඔයා මොනවා හරි දෙයක් කන්න ගේන එක අනිවාර්යයෙන් දන්න නිසා..
ටික ටික තේරෙන වයසට එනකොට ඔයාව තේරුම් ගන්න බැරි උනා,මොකටද මෙයා පොඩි දෙයටත් ගහන්නේ බනින්නේ,වෙන කවුරුත් එහෙම නැහැ,...........
ඒ වගේම මොනවාද මෙයා මේ හැටි කල්පනා කරන්නේ,මට බැනල හරි ගහල හරි මහා වෙලාවක් අහස පොලව ගැටගහන්න වගේ කල්පනා කරන්නේ..
ඉස්කෝලේ යන වයස ඇවිත් ඉස්කෝලේ යනකොට
 "පුතේ හොදට ඉගෙන ගන්න,පාඩම් කරන්න,නිතරම නටන්න යන්න එපා,ගෙදර වැඩ කලාද"
දහාක් ප්‍රශ්න...දැන් නම් මට මෙයාව එපාවෙලා තියෙන්නේ.
ඉස්කෝලේ ගිහින් සමවයසේ එවුන් කතාකරන දේවල්
"අඩේ අපේ තාත්තා මට බයිසිකලයක් අරන් දුන්න"ඒ සිතුම්...
ඇයි අපේ තාත්තා මට ලොකු කාර් එකක් අරන් දුන්න..මේ තවත් එකෙක්.....
මට කියන්න දෙයක් නැතිකමට කට වහගෙන හිටියා,වෙලාවකට මගෙන් අහනවා,
"උඹලගේ තාත්තා මොනවාද අරන් දෙන්නේ,තාත්තා මොකද කරන්නේ"
මේ වගේ දේවල් අහල ඔලුව විකාර වෙලා ගෙදර ආවම හවසට ඇවිත් අහනවා
"අද ඉස්කෝලේ මොකද කලේ,හොදට පාඩම් කලාද ????ගෙදර වැඩ දුන්නද????රෑ වෙන්න කලින් ඒවා කරන්න."
ගර්ර්ර්ර්ර්ර්.......මොන වදයක්ද ,හිතින් හිතමින් කාමරයට යන මගේ පුංචි ඔලුව මහාම බරක් දැනෙන්න ගන්නවා,වේදනාවක් කියල දෙයක් ගැන නොතේරුණත් පන්තියේ කොල්ලෝ කියන කතාත් එක්ක නොදනිම ඇස් වලින් කදුළු කඩා වැටුණු හැටි අනන්තයි.

(මට වැරදුනාද???? වැරදුනේ කොතනද?????ලියන්න අදහස් දිගටම ආවට මේක පලවෙනි කතාව නිසා ඔයාලගේ අදහස් බලලම ලියන්න ඕනේ කියල හිතුනා.)


7 කියපු දේවල්:

  1. තාත්තා කෙනෙක්ගෙ ආදරේ කවදාවත් අත්විඳලා නැති මම මොනවද කියන්නෙ..??

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම් ගන්න අමාරුයි.එත් තේරෙනකොට කල් වැඩියි....

      Delete
  2. ඉතුරුටිකත් ලියපන් බං.... හොඳයි ලියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්........

      Delete
  3. oyath tatta kenek unadawasaka terum ganne puluwan mage puthe......

    ReplyDelete
  4. ඔව්. තාත්තලා දෙවිවරැ...අම්මලා තමයි ඒ දෙව්ලොවට යන පාර කියල දෙන්නේ..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  5. හ්ම්ම් මට මගෙ තාත්තව මතක් වුනා දෙනෙතෙ කදුලක් එක්කම

    ReplyDelete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.