5 years ago
20 December 2012
අප මෙහි ආවෙත් පණ ගෙන කුලියට ~ බුදු බණ අදහමු යන්නට නිවනට....
ඉර බැස ගිය කල අදුර නසන්නට
තරු මඩලක් සමගින් සද හෙමිහිට
නැගුනත් පෙරදා මෙන් තනි අහසට
සැකයකි හෙට ගැන පැතුම් පතන්නට...
මිනිසෙකු ලෙස ඉපදී මේ ලෝකෙට
නොපෙනෙන මරණය අරගෙන තුරුලට
යන්නට වෙනවා දිනයක හැමටම
බැහැ එය කිසිදින වළකාලන්නට...
නොමැරයි කියලා සමහරු හිතුවට
ධනයෙන් බලයෙන් බැහැ නම්මන්නට
අප මෙහි ආවෙත් පණ ගෙන කුලියට
බුදු බණ අදහමු යන්නට නිවනට....
Subscribe to:
Post Comments (Atom)
හ්ම් හුඟාක් අයට අමතක වෙන කාරණයත් ඕකම තමයි යාළුවා.
ReplyDeleteදෙමව්පියන්ට දරුවන් නැති දරුවන්ට දෙමව්පියන් නැති සහෝදර සහෝදරියෝ හදුනන්නේ නැති කාලකන්නි සමාජයක් සහෝ මේක,විනාශය කියන්නේ මේකට,Sarath Chandrasiri සහෝ ස්තුතියි අදහසට..
Deleteaththa kathawa kawada hari marenawa kiyala godak ayata amathakai.marenakota geniyanawa wage wada karanne
ReplyDeleteඔව් එදිරි....සහෝ,බලන්න අද අපේ කනට ඇහෙන දේවල්,ඇසට දකින දේවල්,හොද නරක කියල බෙදුවොත් කොහොමද??????
Deleteස්තුතියි අදහසට.
දැන් කාලේ මිනිස්සු ජීවත් වෙන්නේ මැරෙන්නේ නැතුව වගේනේ පොඩි පුතේ.....නැද්ද?
ReplyDeleteහෙහ් හෙහ් ,.....ඒක තමා උමා සහෝ,...ලෝකෙට වෙන්න යන දෙයක්,ස්තුතියි
ReplyDeleteසහතික ඇත්ත කතාව......
ReplyDeleteada kale godak aya amaraniya minissune...
ReplyDeleteItin kohoma hithannada owa gana...
Salli,balaya athoth okkoma harine..maranayath salli walata yatawei kiyala wenna athi e ayata hithenne..