20 December 2012

අප මෙහි ආවෙත් පණ ගෙන කුලියට ~ බුදු බණ අදහමු යන්නට නිවනට....



ඉර බැස ගිය කල අදුර නසන්නට
තරු මඩලක් සමගින් සද හෙමිහිට
නැගුනත් පෙරදා මෙන් තනි අහසට
සැකයකි හෙට ගැන පැතුම් පතන්නට...

මිනිසෙකු ලෙස ඉපදී මේ ලෝකෙට
නොපෙනෙන මරණය අරගෙන තුරුලට
යන්නට වෙනවා දිනයක හැමටම
බැහැ එය කිසිදින වළකාලන්නට...

නොමැරයි කියලා සමහරු හිතුවට
ධනයෙන් බලයෙන් බැහැ නම්මන්නට
අප මෙහි ආවෙත් පණ ගෙන කුලියට
බුදු බණ අදහමු යන්නට නිවනට....

8 කියපු දේවල්:

  1. හ්ම් හුඟාක් අයට අමතක වෙන කාරණයත් ඕකම තමයි යාළුවා.

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන්ට දරුවන් නැති දරුවන්ට දෙමව්පියන් නැති සහෝදර සහෝදරියෝ හදුනන්නේ නැති කාලකන්නි සමාජයක් සහෝ මේක,විනාශය කියන්නේ මේකට,Sarath Chandrasiri සහෝ ස්තුතියි අදහසට..

      Delete
  2. aththa kathawa kawada hari marenawa kiyala godak ayata amathakai.marenakota geniyanawa wage wada karanne

    ReplyDelete
    Replies
    1. ඔව් එදිරි....සහෝ,බලන්න අද අපේ කනට ඇහෙන දේවල්,ඇසට දකින දේවල්,හොද නරක කියල බෙදුවොත් කොහොමද??????
      ස්තුතියි අදහසට.

      Delete
  3. දැන් කාලේ මිනිස්සු ජීවත් වෙන්නේ මැරෙන්නේ නැතුව වගේනේ පොඩි පුතේ.....නැද්ද?

    ReplyDelete
  4. හෙහ් හෙහ් ,.....ඒක තමා උමා සහෝ,...ලෝකෙට වෙන්න යන දෙයක්,ස්තුතියි

    ReplyDelete
  5. සහතික ඇත්ත කතාව......

    ReplyDelete
  6. ada kale godak aya amaraniya minissune...

    Itin kohoma hithannada owa gana...

    Salli,balaya athoth okkoma harine..maranayath salli walata yatawei kiyala wenna athi e ayata hithenne..

    ReplyDelete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.