5 years ago
12 December 2012
මිල මුදල් මත සොයන සෙනෙහස .........
ඉමක් නොපෙනෙන නිල් අහස මත
නිදහසේ හැසිරෙන්න..
කුරුල්ලෙකු වී පියාඹන්නට
පියාපත් මට දෙන්න..
නොදැක නොලැබෙන ගොඩක් දේ ගැන
සිහින මැවුවා තවම මතකයි..
දුටුව මුල් දින ඔබට බැදී හිත
මතක් වෙන විට දෙනෙත බොද වෙයි..
හිමි අහිමි දේ තොරගන්නට
බැරිව සිටි මගේ හදම බොළදයි
මිල මුදල් මත තියෙන සෙනෙහස
රකින ජිවිත සදා අදුරුයි.
Subscribe to:
Post Comments (Atom)
//නොදැක නොලැබෙන ගොඩක් දේ ගැන
ReplyDeleteසිහින මැවුවා තවම මතකයි..// ලස්සන කවි පද ටික යාළු..!!
බොහොම ස්තුතියි ශම්මි.....
ReplyDelete\\නොදැක නොලැබෙන ගොඩක් දේ ගැන
ReplyDeleteසිහින මැවුවා තවම මතකයි..
දුටුව මුල් දින ඔබට බැදී හිත
මතක් වෙන විට දෙනෙත බොද වෙයි..//
මුලු කවියම අපූරුවට රස වින්දා.... උඩින් උපුටල පෙන්නපු ටික තදින්ම හිතට වැදුනා.. අපූරුවට ගැඟීම් වචන වෙච්ච අවස්ථාවක්
විදිනවට වඩා විදවන එකෙත් පොඩි රහක් තියෙනව මීයෝ....ස්තුතියි අදහසට.
Deleteමටත් මෙහෙම සිහින තිබුනා තාමත් තියනවා...
ReplyDeleteසචිත් සහෝ,හැමෝටම සිහිනයක් තියෙනවා,ඒකට බලාපොරොත්තුව කිව්වත් හරි කියල මට හිතෙන්න,එත් ආදරය කරලා මවපු හීන ඇස්පනාපිටම බොදවෙනකොට දරාගන්න බැහැ නේද???ඒ නිසා සිහින දැක්කට සිහිනයේ අතරමං වෙන්න හොද නැහැ,
Deleteස්තුතියි අදහසට
හ්ම්ම්...
ReplyDelete