12 December 2012

මිල මුදල් මත සොයන සෙනෙහස .........


ඉමක් නොපෙනෙන නිල් අහස මත
නිදහසේ හැසිරෙන්න..
කුරුල්ලෙකු වී පියාඹන්නට
පියාපත් මට දෙන්න..

නොදැක නොලැබෙන ගොඩක් දේ ගැන
සිහින මැවුවා තවම මතකයි..
දුටුව මුල් දින ඔබට බැදී හිත
මතක් වෙන විට දෙනෙත බොද වෙයි..

හිමි අහිමි දේ තොරගන්නට
බැරිව සිටි මගේ හදම බොළදයි
මිල මුදල් මත තියෙන සෙනෙහස
රකින ජිවිත සදා අදුරුයි.

7 කියපු දේවල්:

  1. //නොදැක නොලැබෙන ගොඩක් දේ ගැන
    සිහින මැවුවා තවම මතකයි..// ලස්සන කවි පද ටික යාළු..!!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ශම්මි.....

    ReplyDelete
  3. \\නොදැක නොලැබෙන ගොඩක් දේ ගැන
    සිහින මැවුවා තවම මතකයි..
    දුටුව මුල් දින ඔබට බැදී හිත
    මතක් වෙන විට දෙනෙත බොද වෙයි..//

    මුලු කවියම අපූරුවට රස වින්දා.... උඩින් උපුටල පෙන්නපු ටික තදින්ම හිතට වැදුනා.. අපූරුවට ගැඟීම් වචන වෙච්ච අවස්ථාවක්

    ReplyDelete
    Replies
    1. විදිනවට වඩා විදවන එකෙත් පොඩි රහක් තියෙනව මීයෝ....ස්තුතියි අදහසට.

      Delete
  4. මටත් මෙහෙම සිහින තිබුනා තාමත් තියනවා...

    ReplyDelete
    Replies
    1. සචිත් සහෝ,හැමෝටම සිහිනයක් තියෙනවා,ඒකට බලාපොරොත්තුව කිව්වත් හරි කියල මට හිතෙන්න,එත් ආදරය කරලා මවපු හීන ඇස්පනාපිටම බොදවෙනකොට දරාගන්න බැහැ නේද???ඒ නිසා සිහින දැක්කට සිහිනයේ අතරමං වෙන්න හොද නැහැ,
      ස්තුතියි අදහසට

      Delete
  5. හ්ම්ම්...

    ReplyDelete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.