5 years ago
02 January 2013
අහිමි නම් නුඹ..
පෙරදා බැඳි සෙනෙහස අඩු වී ඇති ගානයි
වරදක් හොයමින් මා දෙස බලමින් මානයි
කියනා වදනින් ඉඳහිට හදවත පෑරෙයි
තරහක් නෑ හැර යන එක ඔබහට බාරයි..
අමතක කරන්නට වීරිය කරන්නම්
පැතූ පැතුම් හැම විසිකර දමන්නම්
පෙම්කල නාමයට කදුලැලි සලන්නම්
වෙනසිත් එපා තනිවම දිවි ගෙවන්නම්..
හැර ගිය නමුත් කිසි වරදක් වෙන්න එපා
අප ගැන මතක හීනෙන්වත් දකින්නෙපා
මිරිගුව ලෙසින් ලෝකය ගැන හිතන්නෙපා
දුන් දුක හොදයි වෙන කාටත් දෙන්න එපා..
Subscribe to:
Post Comments (Atom)
පට්ට කවි ටික...මේකනම් සිංදුවකට හැරෙවුවානම් එලට තියෙයි නේද?
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් සහෝ,...ස්තුතියි ස්තුතියි...
Delete