02 January 2013

අහිමි නම් නුඹ..



















පෙරදා බැඳි සෙනෙහස අඩු වී ඇති ගානයි
වරදක් හොයමින් මා දෙස බලමින් මානයි
කියනා වදනින් ඉඳහිට හදවත පෑරෙයි
තරහක් නෑ හැර යන එක  ඔබහට බාරයි..

අමතක කරන්නට වීරිය කරන්නම්
පැතූ පැතුම් හැම විසිකර දමන්නම්
පෙම්කල නාමයට කදුලැලි සලන්නම්
වෙනසිත් එපා තනිවම දිවි ගෙවන්නම්..

හැර ගිය නමුත් කිසි වරදක් වෙන්න එපා
අප ගැන මතක හීනෙන්වත් දකින්නෙපා
මිරිගුව ලෙසින් ලෝකය ගැන හිතන්නෙපා
දුන් දුක හොදයි වෙන කාටත් දෙන්න එපා..

2 කියපු දේවල්:

  1. පට්ට කවි ටික...මේකනම් සිංදුවකට හැරෙවුවානම් එලට තියෙයි නේද?

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් සහෝ,...ස්තුතියි ස්තුතියි...

      Delete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.