10 January 2013

අභිසාරිකාවක් දෝ නුඹ......


සඳ පානෙම ඔබේ තුරුලට පෙර ආ හැටි සිහිවෙනවා
හොර රහසින් විදි කම්සැප තවමත් මතකෙට එනවා
පවුලක් ලෙස එක්වෙන්නට බැහැ දෙන්නට වැටහෙනවා
නුඹ ගැන මතකය හැමදා හද තුල ජිවත් වෙනවා...

නොසිතු ලෙස නුඹ හමු වී දොඩමලු ඌ එම දිනයේ
සිතුවෙම නැහැ තුරුළුවෙන්න අන්සතු වූ ඔබේ යහනේ
මිල මුදලුත් යස ඉසුරුත් නොඅඩුව ඇති නුඹේ නිවසේ
හිමි හට ඇයි පිටුපෑවේ නුඹ මේ ලෙස හොර රහසේ...

මේ සම්පත් හැම තිබුනට බැහැ ජිවිතයක් ගෙවන්න
මුදල මතම නැහෙනා එක ඔබවත් අමතක කරන්න
කීවත් ඔහු හට නොහැකිය කිසිදා යහනට වදින්න
යන්න උනා මට වෙනතක හොර රහසේම නිදිවදින්න....



8 කියපු දේවල්:

  1. හ්ම්ම්.. මුදල් යනු මුළු ජීවිතයම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. Chandana ස්තුතියි සහෝ...

      අනිවා ගොඩක් අයට වරදින තැනක්...

      Delete
  2. යමක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. දිනෙල්ක ....ස්තුතියි.

      Delete
  3. අනිවා ආදරයක් නැති තැන ජීවිතයක් නැත.....

    ReplyDelete
    Replies
    1. උමා(දසුන්)...ස්තුතියි මචෝ...

      Delete
  4. asammatha adarayak..
    Eth ethana unath saba adare tiyenna puluwanne.

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝ......එත් අන්තිමට ගොඩාක් අපහසුතාවයට පත් වෙනවා.....ස්තුතියි අදහසට..

      Delete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.