17 November 2012

බොළඳ ප්‍රේමය


ලෙන්ගතු සිත නුඹ මත්තෙම
නැහෙනා විට හැම තිස්සෙම
නුඹ මහ ලොකුකම් කිවුවම
සිතින් හඩනවා තනිවම...

ආදරේ ගැන දන්නේ නැද්ද

වෙන හදකට ලංවෙලාද
හදවත තුල ඉඩක් නැද්ද
නොසගවාම කියනවාද...

පුංචිකාලේ නොතේරුණත්

ප්‍රේමය ගැන සිතා නැතත් 
නුඹ ගැන සැගවුණු රහසත්
සිතා හඩනවා තවමත්....... 



8 කියපු දේවල්:

  1. සැල කවිය... බ්ලොග් පෙනුමත් මරු

    කවිය යුනිකෝඩ් කරලත් දැම්මනම් කියවන්න ලේසියි පොඩිපුතේ.. සමහර අකුරු අපැහැදිලියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.යුනිකෝඩ් තමා මී මාමේ දැම්මේ,පාට වෙනස් කලානම් හරි නේද ??

      Delete

  2. සෙනහසින් සිප ගත්තු
    ආදරෙන් ලග උන්නු
    කෙලි දොලෙන් දුව පැනපු
    මොහොතකට තරහා වී
    යලිත් අත් වැල් පැටලුනු ...........
    සමනලුන් පස්සේ
    බෝනික්කන් අස්සේ
    ලෝකය මත්තේ
    සිතුවීලි ඔස්සේ
    පිය මැන්න ඒ කලේ ...........
    සුන්දරද
    අහිංසකද
    උදේ පිපුණු
    මානෙල් මලක් වගේ .........
    එත් ............
    අපිට අපි උරුම
    පොඩි කලේ විතරක්ද ...........

    ReplyDelete
    Replies
    1. වෙල් එළියේ දුව පැනල
      කෙළිදෙලෙන් ගතකරල
      හෙටක් ගැන හිතන්නට
      නොතේරුණු මුත් අපිට..
      එදා අප කී කතා
      අපි අපේමයි කියා
      පැතු පැතුම් බිද දමා
      ඔයා ඈතට ගියා..
      සෙනෙහසේ නාමයෙන්
      හඩනවා මම හොරෙන්
      දිලිදුකම අත අරන්
      ඉන්නෙමි මා දුරින්..

      -ස්තුතියි සචිත් සොයුර-



      Delete
  3. වැදගත් කවියකි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අමිල සොයුර

      Delete
  4. ඕ මාත් එකතු වුනා පස්සෙන් එලවන්න...hehe Followකරා

    ReplyDelete
  5. පාසැල් ප්‍රේමය සිහියට එනවා
    කදුලු අතිතයේ මා තනිවෙනවා...

    ReplyDelete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.