10 November 2012

වීදී ළඳ.....


ශාපකරන්නට එපා කිසිදිනේ
අන්සතු සිතකට පෙම් කරලා
මගේම කරගෙන ඔබව රකින්නට
නැහැ මා නම් දිව්රුම් දීලා......

එකම විදියේ පාලු රාත්‍රියේ
පෙර දිනයක හමුවූ පමණින්
ඔබ හා එකවි දිවිමග යන්නට
බැරිබව වැටහෙන්නැද්ද ඉතින්......

නොහදුනා අප එක්වූ මොහොතට
මේ ලෙස මා හට ලංවීලා.
වැරදි කියන්නේ සමුගෙන යනවිට
ඔබ කල පවු මා පිට පටවා.......


4 කියපු දේවල්:

  1. එහෙම ඉල්ලීමක් කළානම් අසාධාරණයි.....

    ඕක තමා කියන්නේ සේවකයන්ව කරට ගන්න එපා කියලා.. උඹ ඇඳටම අරන්නේ...

    ReplyDelete
  2. මොනා කරන්නද බං,...නිකන් හුලං ගන්න වැල්ලට යන්න එපැයි.... :O

    ReplyDelete
  3. පරණ ලියනගේ තිලක් දයාසිරිNovember 13, 2012

    අපිට නැනේ අප්පා මෙහෙම....

    ReplyDelete
  4. ඔව් ඔව් පරණේ,හුලං තියෙනකොට සරුංගල් අරින්නැති උනාම හුලං නැතිකාලෙට අතේ තියාන දුවන්න වෙනවා.... හික්...එල එල.

    ReplyDelete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.