කොහොමද මම වැරදි කලේ
නුඹෙ කුසතුල සිටි කාලයේ
වද දුන්නද මං අම්මේ....
දුටුව ගමන් මෙලොව එළිය
මේ ලෙස මා විසිකරන්න
නුඹෙ සිතට සවිය ගත්තෙ
කොහොමද මට කියනවාද....
නුඹ අසරණ වෙන්නට ඇති
වෙනකලයුතු දෙයකුත් නැති
මගේ නමට පියෙකුත්
නැති හිනදද අම්මේ....
මම තරහා වෙන්නෙත් නැති,
එහෙම වෙන්න දන්නෙත් නැති
කුනුකූඩෙට නුඹ විසිකල
පුතුමය මම නුඹෙ සදහට....
සංවේදී සිතුවිල්ලක්... දුක දැනෙන්න ලියල තියෙනවා
ReplyDeleteජය ජය !!!
ස්තුතියි මීයෝ...... තවම පොඩි කොල්ලනේ
ReplyDelete