07 November 2012

වැරදිකරු...

ඉපදෙන්නත් පෙර  අම්මේ
කොහොමද මම වැරදි කලේ
නුඹෙ කුසතුල සිටි කාලයේ
වද දුන්නද මං අම්මේ....

දු‍ටුව ගමන් මෙලොව එළිය

මේ ලෙස මා විසිකරන්න
නුඹෙ සිතට සවිය ගත්තෙ
කොහොමද මට කියනවාද....

නුඹ අසරණ වෙන්නට ඇති

වෙනකලයුතු දෙයකුත් නැති
මගේ නමට පියෙකුත්
නැති හිනදද අම්මේ....

මම තරහා වෙන්නෙත් නැති,

එහෙම වෙන්න දන්නෙත් නැති
කුනුකූඩෙට නුඹ විසිකල
පුතුමය මම නුඹෙ සදහට....

2 කියපු දේවල්:

  1. සංවේදී සිතුවිල්ලක්... දුක දැනෙන්න ලියල තියෙනවා

    ජය ජය !!!

    ReplyDelete
  2. ස්තුතියි මීයෝ...... තවම පොඩි කොල්ලනේ

    ReplyDelete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.