13 November 2012

හිමි අහිමි.

දහසක් පැතුමන් පතන්න මා හට 
පුරුදු කෙරුවේ ඔබයි. 
පැතු පැතුම් පොදි හදේ ඉතිරිකර 
ඉවතට ගියෙත් ඔබයි......

අහිතක් හිතන්නේ නැ කිසි විටකත්
ඔබ දකිනා අද දිනේ පවා...
ඔබේ මුවේ මදහසරැළි පමණයි
පැතුවේ උදේ හවා......

මගෙන් ඈත්වී දුරකින් හිටියට
ඔබ සිටින්නේ තුටින් නම්...
එය සිතා සැනසෙන්න මා හට
හැකිය මා හද නෑ කැළැල්....

මතු දිනක ඔබ දකින විටදීත්
මගේ නෙතු ඇත පින්කරන්.....
පුංචි පවුලක් හදාගෙන ඔබ
ඔබේ ජිවිතේ ඉස්තරම්.....

පෙර බවේ කල පවකි මා හට
නොලැබුනේ ඔබ මේ බවේ...
පින්කරමි මම එකම පැතුමෙන්
ලබන්නට ඔබ මතුබවේ......

5 කියපු දේවල්:

  1. පරණ ලියනගේ තිලක් දයාසිරිNovember 13, 2012

    ඔබගේ උත්සාහයට මාගේ හදපිරි සුභ පැතුම්

    ReplyDelete
  2. ස්තුතියි පරණේ,මේ ලබන පන්නරයට උඹත් ගොඩක් උදවු කළා,ස්තුතියි මචන්....

    ReplyDelete
  3. හ්ම්ම්ම් අපුරුයි ලස්සනයි ජයෙන් ජය

    ReplyDelete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.