දළුදා වැඩුණුහැටි අමතක කලතාලේ
දිලිදුයි කියා මා අතහැර ගිය වෙලේ
අමතක කරනු කෙලෙසද පෙම්කල තාලේ...
මා හැර දමා ගිය මාවත අදුරු කරන්
ඇය පැතු හැම සිහිනයක්ම සුන්වගිහින්
වැහැරුණු ගත දරු පැටියෙක් තුරුලු කරන්
ඇය ඉන්නවා,අන්සතු ලඳ මොටද ඉතින්...
මගතොට දකිනවිට ඈ දැන් හිනැහෙනවා
එන්නේ මොකටදැයි මටනම් වැටහෙනවා
අතීත සමරු දහසක් හද තෙරපෙනවා
හැරගිය නුඹ එපා මම වෙනතක යනවා..
ඔව්..හැර ගියාට පස්සෙ තව මොනාද....
ReplyDeleteසරළ පද ටික ලස්සනයි...
ඔව් ලිහිණි,අපි ගිය එක දුකක් උනත් හිත හදාගන්න වෙනවා,මොකද බැරි වෙලාවත් දෙන්න එකතු උනාට පස්සේ දාලා ගියොත් ඒක දරාගන්න අරාමු වෙනවා,ස්තුතියි අදහසට..
ReplyDeleteකවි ටික ලස්සනයි.... :)
ReplyDeleteආදරය විදින අයට වඩා විරහව විදින අය වැඩිද මන්දා....
ආදරෙත් විදිනවට වඩා විදවන අය වැඩියි කියල හිතෙනවා සමනළි.ස්තුතියි අදහසට.
Deleteඅම්මප ඇත්ත..දාලා ගියා නම් ආයේ එන්න එපා දකින්නවත් ...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
අදහසට ස්තුතියි රතී...
Deleteකවියේ කියවුන කතාව ඇත්ත.
ReplyDeleteස්තුතියි සිහින මදාරා....
Delete