සිදාදියෙ නුඹ දුටුවට මං ගම්මානේ
අම්ම එක්ක නුවර වදින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුනේ
දුප්පත් මට සමච්චලේටද හිනා උනේ.......//
කලිසම ඉරුනට හරියට ඒක පේන්නෑ
අම්ම හොදට මහල දුන්න ඒකට බය නෑ..
උඩ බොත්තමෙ ගහල තියෙන කටුව පේන්නෑ...
සෙරෙප්පු දෙක හොදට ගෙවිල දැක්කොත් හරි නෑ....
සිදාදියෙ නුඹ දුටුවට මං ගම්මානේ.....
ගෙදර ආව තමයි ආවෙ කොහොමද දන්නෑ
බකිනි මලක් වගේ මූණ අමතක වෙන් නෑ
ආයෙ නුවර කවද යයිද කියල දන්නෙ නෑ
අඩන්නැතුව කදුලු ආවෙ කොහොමද දන්නෑ...
සිදාදියෙ නුඹ දුටුවට මං ගම්මානේ
අම්ම එක්ක නුවර වදින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුනේ
දුප්පත් මට සමච්චලේටද හිනා උනේ.......//
0 කියපු දේවල්:
Post a Comment
හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.