30 November 2013

කම්මලේ සිහින



රත්වූ යකඩය නිවෙන්න මත්තෙන්
තලාපෙලා ගෙන එය මහ සද්දෙන්
කුසගිනි නිවන්න බාදක මැද්දෙන්
සමාවෙයන් කැඩුවට නුඹ නින්දෙන්

පුංචි පුතේ නුඹ ඉපදුන දා සිට
වගකීමක් වැඩිවිය මගේ ඔළුවට
පුංචි ගෙදර සුවසේ නිදියන්නට
බැහැ කම්මලේ මහ සද්දය එනවිට

නුඹ ගැනමයි නිතරම වද වෙන්නේ
මිල මුදලුයි මට හරහට ඉන්නේ
වැඩ නොකරොත් අපි කොහොමද කන්නේ
වැඩ කරොතින් කොහොමද නිදියන්නේ......

16 January 2013

නියම මිනිහෙක් වෙන්න


 "අනවසර ඉදිකිරීම් කියල කරගෙන ගිය එළවලු තට්ටුවත් නගර සභාවෙන් අයින්කරලා දැම්ම,හෙට ඉදල කරන්න දෙයකුත් නැහැ,එළවලු විකුණලා හොයන තුට්ටුදෙක ගෙදර ජිවත් කරන්නත් නංගියි මල්ලියි ඉස්කෝලේ යවන්න තරම් ප්‍රමාණවත් උනේ නැහැ,අමතර වියදමකට කලේ පත්තර කඩේට ගිහින් ඇප්ලිකේෂන් අරන් පුරවල රට වටේම තියෙන රැකියාවලට ඉල්ලුම්කරන එක,එත් හිත සැනසෙන්න එකම ඉල්ලුම් පත්‍රයකටවත් සතුටුදායක පිළිතුරක් නම් ලැබුනේ නැහැ"

"ඇමතිතුමාගෙන් ලියුමක් ගත්තොත් නම් එළවලු තට්ටුව දාගන්න මොනවා හරි කරගන්න පුළුවන් වෙයි,අදුරන කෙනෙක් එක්ක යන්න ඕනේ,අදුරන්නේ නැතුව නම් ලියුම් දෙන්නේ නැහැ"
උදේ තට්ටුවට ආව වෙලාවේ ආරොන් මාමා එහෙම කියල බුලත් විටකුත් හප හපා යන්න ගියා.

අපිට කොහෙන්ද බූල් බල්ලෝ,දැන් ඇමති තුමා ළගට යන්නේ කොහොමද??

කල්පනා කරකර ගෙදර ඇවිත් ගෙදර ගෙනා එළවලු මල්ලත් නංගිට දීලා මිදුලේ කොනේ ගහල තිබ්බ බංකුවට බර උනා.
"ෂිට්,හෙට ඉදල මොකක් හරි හොයාගන්නම වෙනවා,මොකද කරන්නේ,.............

පෑම් පෑම්............

අප්පටසිරි හෙන පැජරෝ එකක් කඩුල්ල ලග නතරකරලා කෙළියට හොඳ එක ගහනවා,ලග පාත වෙන ගෙයක් නැති නිසා මටම කියල හිතුනත් කවුද යකෝ අපිට මේ වාහන වලින් ඇවිත් කතාකරන්නේ,කල්පනා කරමින් ඒ පැත්තට ගියා.ළගට යනකොට කළු කන්නාඩිය පහත දාලා ඇතුලේ හිටපු චරිතේ මහ හයියෙන් හිනාවෙන්න ගත්තා.
හහ් හහ් හා......මොකෑ බන් යකෙක් දැක්ක වගේ ,ඇයි අදුරන්න බැරිද???

සක්කිලි හිනාවත් කතා විලාශයෙනුත් මේ අමිලය කියල අදුරගන්න අමාරු උනේ නැහැ,එත් දෙයියනේ මූ කොහොමද මෙහෙම ඉන්නේ,යටි හිතෙන් ආවේ  වේදනාවක්ද  ඊර්ෂ්‍යාවක් ද කියල හිතාගන්න වෙලාවක් තිබ්බේ නැහැ.
"ඉතින් ඉතින් මොකද දැන් කරන්නේ,කොහොමද ජිවිතේ,වරෙන්කො කතාකරමු. නැගපන්කො වාහනේට"

 ඒ ටිකට ප්‍රශ්න ගොඩයි,මමත් හිතාගන්න බැරිව වාහනේට ගොඩ උනා.

අමිල කියන්නේ මගේ පාසලේම සමවයසේ මිතුරෙක්,ස්කොලේ කාලේ ඉදලම සෙල්ලක්කාර ජිවිතයක් ගතකරපු අමිල ඉගෙනගන්න කොහෙත්ම උනන්දු උනේ නැහැ.
කට්ටි පනින එක ,හොර පොල් කඩන එක,අල්ලපු වත්තක කෙසෙල් කනක් කපන එක අමිලයට එච්චර දෙයක් උනේ නැහැ,අපි පන දාගෙන පාඩම් කරන කොට හොරෙන් පොල් කඩල විකුණලා ඒ සල්ලි වලින් ම ඉස්කෝලේ වත්ත පහල හොරෙන් රා පෙරාපු එක තමා අමිලගේ රාජකාරිය උනේ,එහෙම හිටපු මූ කොහොමද අද මෙහෙම ඉන්නේ...

"උඹ මොකද බන් කරන්නේ,කොහොමද ජිවිතේ"
අතීතය ගැන මතක් කර කර ගිහින් අන්තිමට මම අමිලගෙන් ඇහුවා.

"මචන් මම ඉන්නේ ඇමතිතුමා ගාව,කරන ජොබ් එකක් නම් නැහැ,ඇමතිතුමාගේ වතු ටිකේ පොඩි විසිට් එකක් දාගෙන ඉන්නවා,හිටපු ගමන් ඔය පොඩි පොඩි අවටියල් වැඩ කරන්න සෙට් වෙනවා.එකත් හෙන ආතල් බන්"

කිසිම ගානකට නැතුව අමිල ඔහේ කියාගෙන ගියා.

"ඉතින් බන්,එහෙම හරියනවද???හරියට පඩියක් දෙනවද???අම්මල එහෙම බලාගන්නේ කොහොමද???"
මම හිතාගන්න බැරුව ඇහුව.

"පිස්සුද බන්,ඇමතිතුමාට සල්ලි තියෙනවා හරක්ට කන්න,යකෝ ඇමතිතුමා ලග ඉන්නවනම් මොනවා කරන්න බැරිද???ඇමතිතුමාට තියෙනවා කියන්නේ අපිට තියෙනවා වගේ....."
අමිලය ඔහේ කියාගෙන ගියා.


---------

හරියට හරි,අමිලයගෙන් මට උදවුවක් ගන්න පුළුවන්.මට ආරොන් මාමා කියපු එක මතක් උනා.

"මචන් මට තවම ජොබ් එකක් නැහැ,හන්දියේ එළවළු තට්ටුවක් දාගෙන හිටියේ,එකත් උදේ ඇවිත් නගරසභාවෙන් අයින්කරගන්න කිව්වා,වෙන කරන්න දෙයකුත් නැහැ,උඹට පුළුවන් නම් ඇමතිතුමාගෙන් ලියුමක් අරන් දෙනවද"???

මම අමිලගෙන් ඇහුවා..

"පිස්සුද හු** .එළවලු බක්කි දාගෙන ඉන්න,කලින් කියන්න එපාය,හරි හරි මම උඹට එල ජොබක් සෙට්කරලා දෙන්නම්.ඕවාත් වැඩද.."
අමිලය පදෙන් දෙද්දී මට පුදුම හිතුනා.

"හරි හරි ඒක පස්සේ කතාකරමු,පොඩ්ඩක් ඔහොම හිටපන්"

එහෙම කියල වාහනේ නවත්වල අමිල බැහැල ගියා,
කොහොමද මුට මෙහෙම සෙට් උනේ,අපි මෙච්චර ඉගෙනගෙනත් තවමත් පාරේ,
9 වසරේදී ඉස්කෝලෙන් පැනල ගමෙන්ම ගිය අමිලය මට සෙට් උනේ අවුරුදු 12 විතර,ඒ ටිකට උගෙයි මගෙයි අතර වෙනස ගැන කල්පනාකාර කර ඉන්නකොට අමිල ලොකු පාර්සලයකුත් අරගෙන ආවා.

"මචන් උඹේ වෙලාවට අද ම සෙට් උනේ,දැන් බොසා කතාකලා,මම උඹ ගැන කිව්වා,හෙට උඹව එක්කරගෙන එන්න කිව්වා"

අමිල එහෙම කියද්දී මම දකින්නේ හීනයක්ද කියල හිතුනා,මේක අදහන්නේ කොහොමද???

දාහක් ප්‍රශ්න මම මගෙන් අහන ගමන් ඔහේ පාර දිහා බලාගෙන හිටියා,

"මේ දැන් අපි උඹලගේ ගෙදර ගිහින් අම්මලටත් කියල අදම කොළඹ යමු,එතකොට හෙට උදේම බොසා හම්බවෙන්න පුළුවන්"

අමිල දැන් මගේ ලෝකෙට ආව දෙවියෙක් වගේ,මම දෙපාරක් හිතන්නේ නැතිව හා කිව්වා.ගෙදර ඇවිත් අම්මට විස්තරේ කෙටියෙන් කියල තිබ්බ රෙදි දෙකතුනත් මල්ලක ඔබාගෙන ඉරණම් ගමන යන්න වාහනේට ගොඩ උනා,

"මචන් බොසාගේ වැඩ දෙකතුනක් තියෙනවා,යන ගමන් කරගෙන යන්න ඕනේ,අවුලක් නැහැ නේ"

පිස්සුද බන් උඹත් එක්ක යන්න ආවේ,උඹ කොහේ ගියත් මම අවුලක් ගන්නේ කොහොමද???
අමිල අහපු ඒ ප්‍රශ්නෙට උත්තර දෙනගමන් කිව්වා..





_____________මතුසම්බන්දයි _____________







මගේ සිතින් උපන් යෂ්ටිය


බ්ලොග් ලියන්න අරගෙන මාස තුනක් උනත් තවම ඔයාලත් එක්ක හරියට කතාකරන්න බැරි උනානේ,ඉතින් සිදුවුන වෙනස්කමුත් එක්කම මට හිතුනා මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ කොහොමද???ඒකට හේතුව ආදී දේවල් ගැන පොඩ්ඩක් මතක් කරන්න.

මුලින්ම බ්ලොග් ලියන,කියවන එක ගැන මගේ එච්චර උනන්දුවක්,දැනීමක් තිබ්බේ නැහැ.බ්ලොග් එකක් කරන්න කියල මුලින්ම හිතුවේ සිංහල ගී පද,සියලුම සිංදු ඇල්බම් බාගතකරන්න සයිට් එකක් හදන්න.මේ අදහස ගැන මුලින්ම මම කිව්වේ බ්ලොග් ලියම කියවන ගොඩාක් දෙනා හදුනන පරසතු උයන කරන 
 මී ගොඩයා සහෝදරයට.

"මචන් සිංදු ,එතකොට සිංදුවල පදවැල් බාගන්න සයිට් එකක් කරන්න ඕනේ,කොහොමද කරන්නේ."

"ඇයි බොල ^^$^%$^%$#*&^(*&^@$&^$()@ අනුන්ගේ ඒවා දාන්න යන්නේ,පුළුවන් එකේ උඹේම නිර්මාණ දාලා බ්ලොග් එකක් හදපන්කෝ...."

පුදනකොටම කාපි යකා කියල මේකා අමතන්න ගත්තේ නැද්ද පදෙන්.....(*18+ වචන කපාදමන ලදී)


ඉතින් ඔන්න ඔය විදියට තමා magesithin.blogspot.com ලිපිනයෙන් මගේ සිතින් බ්ලොග් අඩවිය උපත ලැබුවේ.

ඉතින් ඔන්න ඔය විදියට බ්ලොග් එක හදල කවියක් දෙකක් (මගේ හිතට එන අදහසක් වචන වලට පෙරලලා පොස්ට් එකක් දාපු එක තමා කවියක් විදියට හැදින්වුවේ).නැත්නම් මම දන්නා කවි...යාලුවෝ නම් කියන්නේ උඹ ලිව්වොත් ලියන්නේ කොටු පැනපු එකක් කියල,අනේ මන්දා මම එහෙම නොවුනට් මගේ හිතට එන්නෙම ඒ වාගේ අදහස්.....

(සමහර විට මම ගිය ආත්මේ චා පොරක් වෙන්න ඇති).

හරි මොනව හරි ලිව්වා කියමුකෝ,ඕවා ඉතින් පොස්ට් එකක් දාලා කොමෙන්ට් එහෙම එක දෙක වැටෙනකොට පුදුම අසාවක් ඇති උනේ,එත් එක්කම බ්ලොග් ලියන,කියවන ගොඩාක් සහෝදරයෝ සහෝදරියෝ මට හදුනගන්න ලැබුනා.බ්ලොග් එක කරගෙන යද්දී ආව එක එක ප්‍රශ්න වලටත් නොදැක නොහදුනන සහෝදර සහෝදරියන්ගෙන් ලොකු උපකාරයක් ලැබුනා,නම් වශයෙන් කියන්න බැරි උනත් ඒ හැමෝටම ස්තුතියි කරන්නත් මේ වෙලාවම යොදා ගන්නවා..

ඔහොම යනකොට යනකොට මම ලියන ඒවාත් එක්ක මගේ සිතින් කියන නමට වඩා වෙන නමක් හොදයි කියල මට හිතෙන්නේ ගත්තා,කල්පනා කරලා කරල ඒකත් දැම්මා මී ගොඩයා මහත්තයාගේ එකවුන්ට් එකටම.
"අනේ ප** තොටනම් මේක හරියන්නේ නැහැ,&&#%*^%#&^%(&$($.......කියල තව ගොඩාක් දේවලුත් කියල කිව්වා...
"ම්ම්ම්ම්...හිටපන්කෝ බලන්න"කියල කිව්වා.

දැන් පොඩ්ඩක් ෆිට්..
ඔන්න ඔහොම ඉදල දුන්න නම් දෙක තුනක්,නම් දුන්න හැටියේම මගේ හිත ගියේ යෂ්ටිය කියන නමට,ඉතින් ඊට පස්සේ magesithin.blogspot.com ලිපිනයට සමුදෙන්න තීරණය කළා.

වෙන බ්ලොග් අඩවියකුත් ඒ නමට තිබ්බේ නැති නිසා දැම්මා යෂ්ටිය කියල.

ඉතින් ඔන්න ඔහොමයි උනේ.....මෙච්චර කාලයක් මගේ ලගින් හිටපු සහෝදර සහෝදරියෝ ඉස්සර වගේම අද ඉදල yashtiya.blogspot.com  සමග මගෙත් එක්ක ඉන්න කියල ඉල්ලනවා.බ්ලොග් එක ගැන ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවානම්  magesithin@gmail.com වෙත ලිපියක් එවන්න.එහෙනම් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.





                                       (යෂ්ටිය සින්ඩිකේටරය ලගදීම ඔබ වෙනුවෙන්)



10 January 2013

අභිසාරිකාවක් දෝ නුඹ......


සඳ පානෙම ඔබේ තුරුලට පෙර ආ හැටි සිහිවෙනවා
හොර රහසින් විදි කම්සැප තවමත් මතකෙට එනවා
පවුලක් ලෙස එක්වෙන්නට බැහැ දෙන්නට වැටහෙනවා
නුඹ ගැන මතකය හැමදා හද තුල ජිවත් වෙනවා...

නොසිතු ලෙස නුඹ හමු වී දොඩමලු ඌ එම දිනයේ
සිතුවෙම නැහැ තුරුළුවෙන්න අන්සතු වූ ඔබේ යහනේ
මිල මුදලුත් යස ඉසුරුත් නොඅඩුව ඇති නුඹේ නිවසේ
හිමි හට ඇයි පිටුපෑවේ නුඹ මේ ලෙස හොර රහසේ...

මේ සම්පත් හැම තිබුනට බැහැ ජිවිතයක් ගෙවන්න
මුදල මතම නැහෙනා එක ඔබවත් අමතක කරන්න
කීවත් ඔහු හට නොහැකිය කිසිදා යහනට වදින්න
යන්න උනා මට වෙනතක හොර රහසේම නිදිවදින්න....



09 January 2013

පියාණෙනි.....


බටහිර අහසින් හිරු බැසයන මේ
සුන්දර සැන්දෑවේ....
ඇසෙනා බට ලී රාවය අතරින්
පියතුම ඔබ සිහිවේ....

පුංචිම කාලේ සුරතේ එල්ලි
සෙල්ලම් කල තාලේ..
අම්මත් සොයුරන් සමගින් සතුටින්
ගෙවුනා අපේ බාලේ..

නැගඑන හිරු ලෙස ඔබව දකින්නට
හැම දින පැතුවා නේ.. 
ඉපදෙන හැමටම උරුමය මරණය
මට තේරුනෙ නැහැ නේ....