"ඇමතිතුමාගෙන් ලියුමක් ගත්තොත් නම් එළවලු තට්ටුව දාගන්න මොනවා හරි කරගන්න පුළුවන් වෙයි,අදුරන කෙනෙක් එක්ක යන්න ඕනේ,අදුරන්නේ නැතුව නම් ලියුම් දෙන්නේ නැහැ"
උදේ තට්ටුවට ආව වෙලාවේ ආරොන් මාමා එහෙම කියල බුලත් විටකුත් හප හපා යන්න ගියා.
අපිට කොහෙන්ද බූල් බල්ලෝ,දැන් ඇමති තුමා ළගට යන්නේ කොහොමද??
කල්පනා කරකර ගෙදර ඇවිත් ගෙදර ගෙනා එළවලු මල්ලත් නංගිට දීලා මිදුලේ කොනේ ගහල තිබ්බ බංකුවට බර උනා.
"ෂිට්,හෙට ඉදල මොකක් හරි හොයාගන්නම වෙනවා,මොකද කරන්නේ,.............
පෑම් පෑම්............
අප්පටසිරි හෙන පැජරෝ එකක් කඩුල්ල ලග නතරකරලා කෙළියට හොඳ එක ගහනවා,ලග පාත වෙන ගෙයක් නැති නිසා මටම කියල හිතුනත් කවුද යකෝ අපිට මේ වාහන වලින් ඇවිත් කතාකරන්නේ,කල්පනා කරමින් ඒ පැත්තට ගියා.ළගට යනකොට කළු කන්නාඩිය පහත දාලා ඇතුලේ හිටපු චරිතේ මහ හයියෙන් හිනාවෙන්න ගත්තා.
හහ් හහ් හා......මොකෑ බන් යකෙක් දැක්ක වගේ ,ඇයි අදුරන්න බැරිද???
සක්කිලි හිනාවත් කතා විලාශයෙනුත් මේ අමිලය කියල අදුරගන්න අමාරු උනේ නැහැ,එත් දෙයියනේ මූ කොහොමද මෙහෙම ඉන්නේ,යටි හිතෙන් ආවේ වේදනාවක්ද ඊර්ෂ්‍යාවක් ද කියල හිතාගන්න වෙලාවක් තිබ්බේ නැහැ.
"ඉතින් ඉතින් මොකද දැන් කරන්නේ,කොහොමද ජිවිතේ,වරෙන්කො කතාකරමු. නැගපන්කො වාහනේට"
ඒ ටිකට ප්‍රශ්න ගොඩයි,මමත් හිතාගන්න බැරිව වාහනේට ගොඩ උනා.
අමිල කියන්නේ මගේ පාසලේම සමවයසේ මිතුරෙක්,ස්කොලේ කාලේ ඉදලම සෙල්ලක්කාර ජිවිතයක් ගතකරපු අමිල ඉගෙනගන්න කොහෙත්ම උනන්දු උනේ නැහැ.
කට්ටි පනින එක ,හොර පොල් කඩන එක,අල්ලපු වත්තක කෙසෙල් කනක් කපන එක අමිලයට එච්චර දෙයක් උනේ නැහැ,අපි පන දාගෙන පාඩම් කරන කොට හොරෙන් පොල් කඩල විකුණලා ඒ සල්ලි වලින් ම ඉස්කෝලේ වත්ත පහල හොරෙන් රා පෙරාපු එක තමා අමිලගේ රාජකාරිය උනේ,එහෙම හිටපු මූ කොහොමද අද මෙහෙම ඉන්නේ...
"උඹ මොකද බන් කරන්නේ,කොහොමද ජිවිතේ"
අතීතය ගැන මතක් කර කර ගිහින් අන්තිමට මම අමිලගෙන් ඇහුවා.
"මචන් මම ඉන්නේ ඇමතිතුමා ගාව,කරන ජොබ් එකක් නම් නැහැ,ඇමතිතුමාගේ වතු ටිකේ පොඩි විසිට් එකක් දාගෙන ඉන්නවා,හිටපු ගමන් ඔය පොඩි පොඩි අවටියල් වැඩ කරන්න සෙට් වෙනවා.එකත් හෙන ආතල් බන්"
කිසිම ගානකට නැතුව අමිල ඔහේ කියාගෙන ගියා.
"ඉතින් බන්,එහෙම හරියනවද???හරියට පඩියක් දෙනවද???අම්මල එහෙම බලාගන්නේ කොහොමද???"
මම හිතාගන්න බැරුව ඇහුව.
"පිස්සුද බන්,ඇමතිතුමාට සල්ලි තියෙනවා හරක්ට කන්න,යකෝ ඇමතිතුමා ලග ඉන්නවනම් මොනවා කරන්න බැරිද???ඇමතිතුමාට තියෙනවා කියන්නේ අපිට තියෙනවා වගේ....."
අමිලය ඔහේ කියාගෙන ගියා.
---------
හරියට හරි,අමිලයගෙන් මට උදවුවක් ගන්න පුළුවන්.මට ආරොන් මාමා කියපු එක මතක් උනා.
"මචන් මට තවම ජොබ් එකක් නැහැ,හන්දියේ එළවළු තට්ටුවක් දාගෙන හිටියේ,එකත් උදේ ඇවිත් නගරසභාවෙන් අයින්කරගන්න කිව්වා,වෙන කරන්න දෙයකුත් නැහැ,උඹට පුළුවන් නම් ඇමතිතුමාගෙන් ලියුමක් අරන් දෙනවද"???
මම අමිලගෙන් ඇහුවා..
"පිස්සුද හු** .එළවලු බක්කි දාගෙන ඉන්න,කලින් කියන්න එපාය,හරි හරි මම උඹට එල ජොබක් සෙට්කරලා දෙන්නම්.ඕවාත් වැඩද.."
අමිලය පදෙන් දෙද්දී මට පුදුම හිතුනා.
"හරි හරි ඒක පස්සේ කතාකරමු,පොඩ්ඩක් ඔහොම හිටපන්"
එහෙම කියල වාහනේ නවත්වල අමිල බැහැල ගියා,
කොහොමද මුට මෙහෙම සෙට් උනේ,අපි මෙච්චර ඉගෙනගෙනත් තවමත් පාරේ,
9 වසරේදී ඉස්කෝලෙන් පැනල ගමෙන්ම ගිය අමිලය මට සෙට් උනේ අවුරුදු 12 විතර,ඒ ටිකට උගෙයි මගෙයි අතර වෙනස ගැන කල්පනාකාර කර ඉන්නකොට අමිල ලොකු පාර්සලයකුත් අරගෙන ආවා.
"මචන් උඹේ වෙලාවට අද ම සෙට් උනේ,දැන් බොසා කතාකලා,මම උඹ ගැන කිව්වා,හෙට උඹව එක්කරගෙන එන්න කිව්වා"
අමිල එහෙම කියද්දී මම දකින්නේ හීනයක්ද කියල හිතුනා,මේක අදහන්නේ කොහොමද???
දාහක් ප්‍රශ්න මම මගෙන් අහන ගමන් ඔහේ පාර දිහා බලාගෙන හිටියා,
"මේ දැන් අපි උඹලගේ ගෙදර ගිහින් අම්මලටත් කියල අදම කොළඹ යමු,එතකොට හෙට උදේම බොසා හම්බවෙන්න පුළුවන්"
අමිල දැන් මගේ ලෝකෙට ආව දෙවියෙක් වගේ,මම දෙපාරක් හිතන්නේ නැතිව හා කිව්වා.ගෙදර ඇවිත් අම්මට විස්තරේ කෙටියෙන් කියල තිබ්බ රෙදි දෙකතුනත් මල්ලක ඔබාගෙන ඉරණම් ගමන යන්න වාහනේට ගොඩ උනා,
"මචන් බොසාගේ වැඩ දෙකතුනක් තියෙනවා,යන ගමන් කරගෙන යන්න ඕනේ,අවුලක් නැහැ නේ"
පිස්සුද බන් උඹත් එක්ක යන්න ආවේ,උඹ කොහේ ගියත් මම අවුලක් ගන්නේ කොහොමද???
අමිල අහපු ඒ ප්‍රශ්නෙට උත්තර දෙනගමන් කිව්වා..
_____________මතුසම්බන්දයි _____________
පට්ට පට පට.....දැං ගේම දෙන්නේ අමිලයා මාට්ටුවෙන්නේ අනිකා හරි හරි...
ReplyDeleteම්ම්ම්.... මටත් හිතුනේ නලින් අයියට හිතුනු දේම තමයි.....
ReplyDelete@Naleen Dilruksha @සමනළී ..යාලුවනේ ස්තුතියි අදහසට,මේ දවස්වල වැඩ වැඩි හින්දා ලියන එක පොඩ්ඩක් පමා වෙයි,කියවලාම බලන්නකෝ කොහොමද වෙන්නේ කියල...
ReplyDeleteපොඩි පුතා එල.
ReplyDeleteඔහොම තමයි පුරුවෙ පින් මතු වෙන්නේ. ඒත් ඉතින් මෙවුන් විස්වාස කරන්න පුලුවනැ..
ReplyDelete