බ්ලොග් ලියන්න අරගෙන මාස තුනක් උනත් තවම ඔයාලත් එක්ක හරියට කතාකරන්න බැරි උනානේ,ඉතින් සිදුවුන වෙනස්කමුත් එක්කම මට හිතුනා මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ කොහොමද???ඒකට හේතුව ආදී දේවල් ගැන පොඩ්ඩක් මතක් කරන්න.
මුලින්ම බ්ලොග් ලියන,කියවන එක ගැන මගේ එච්චර උනන්දුවක්,දැනීමක් තිබ්බේ නැහැ.බ්ලොග් එකක් කරන්න කියල මුලින්ම හිතුවේ සිංහල ගී පද,සියලුම සිංදු ඇල්බම් බාගතකරන්න සයිට් එකක් හදන්න.මේ අදහස ගැන මුලින්ම මම කිව්වේ බ්ලොග් ලියම කියවන ගොඩාක් දෙනා හදුනන පරසතු උයන කරන
මී ගොඩයා සහෝදරයට.
"මචන් සිංදු ,එතකොට සිංදුවල පදවැල් බාගන්න සයිට් එකක් කරන්න ඕනේ,කොහොමද කරන්නේ."
"ඇයි බොල ^^$^%$^%$#*&^(*&^@$&^$()@ අනුන්ගේ ඒවා දාන්න යන්නේ,පුළුවන් එකේ උඹේම නිර්මාණ දාලා බ්ලොග් එකක් හදපන්කෝ...."
පුදනකොටම කාපි යකා කියල මේකා අමතන්න ගත්තේ නැද්ද පදෙන්.....(*18+ වචන කපාදමන ලදී)
ඉතින් ඔන්න ඔය විදියට තමා magesithin.blogspot.com ලිපිනයෙන් මගේ සිතින් බ්ලොග් අඩවිය උපත ලැබුවේ.
ඉතින් ඔන්න ඔය විදියට බ්ලොග් එක හදල කවියක් දෙකක් (මගේ හිතට එන අදහසක් වචන වලට පෙරලලා පොස්ට් එකක් දාපු එක තමා කවියක් විදියට හැදින්වුවේ).නැත්නම් මම දන්නා කවි...යාලුවෝ නම් කියන්නේ උඹ ලිව්වොත් ලියන්නේ කොටු පැනපු එකක් කියල,අනේ මන්දා මම එහෙම නොවුනට් මගේ හිතට එන්නෙම ඒ වාගේ අදහස්.....
(සමහර විට මම ගිය ආත්මේ චා පොරක් වෙන්න ඇති).
හරි මොනව හරි ලිව්වා කියමුකෝ,ඕවා ඉතින් පොස්ට් එකක් දාලා කොමෙන්ට් එහෙම එක දෙක වැටෙනකොට පුදුම අසාවක් ඇති උනේ,එත් එක්කම බ්ලොග් ලියන,කියවන ගොඩාක් සහෝදරයෝ සහෝදරියෝ මට හදුනගන්න ලැබුනා.බ්ලොග් එක කරගෙන යද්දී ආව එක එක ප්රශ්න වලටත් නොදැක නොහදුනන සහෝදර සහෝදරියන්ගෙන් ලොකු උපකාරයක් ලැබුනා,නම් වශයෙන් කියන්න බැරි උනත් ඒ හැමෝටම ස්තුතියි කරන්නත් මේ වෙලාවම යොදා ගන්නවා..
ඔහොම යනකොට යනකොට මම ලියන ඒවාත් එක්ක මගේ සිතින් කියන නමට වඩා වෙන නමක් හොදයි කියල මට හිතෙන්නේ ගත්තා,කල්පනා කරලා කරල ඒකත් දැම්මා මී ගොඩයා මහත්තයාගේ එකවුන්ට් එකටම.
"අනේ ප** තොටනම් මේක හරියන්නේ නැහැ,&&#%*^%#&^%(&$($.......කියල තව ගොඩාක් දේවලුත් කියල කිව්වා...
"ම්ම්ම්ම්...හිටපන්කෝ බලන්න"කියල කිව්වා.
දැන් පොඩ්ඩක් ෆිට්..
ඔන්න ඔහොම ඉදල දුන්න නම් දෙක තුනක්,නම් දුන්න හැටියේම මගේ හිත ගියේ යෂ්ටිය කියන නමට,ඉතින් ඊට පස්සේ magesithin.blogspot.com ලිපිනයට සමුදෙන්න තීරණය කළා.
වෙන බ්ලොග් අඩවියකුත් ඒ නමට තිබ්බේ නැති නිසා දැම්මා යෂ්ටිය කියල.
ඉතින් ඔන්න ඔහොමයි උනේ.....මෙච්චර කාලයක් මගේ ලගින් හිටපු සහෝදර සහෝදරියෝ ඉස්සර වගේම අද ඉදල yashtiya.blogspot.com සමග මගෙත් එක්ක ඉන්න කියල ඉල්ලනවා.බ්ලොග් එක ගැන ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවානම් magesithin@gmail.com වෙත ලිපියක් එවන්න.එහෙනම් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.
(යෂ්ටිය සින්ඩිකේටරය ලගදීම ඔබ වෙනුවෙන්)
එල එල! දිගු ගමනකට සුභ පැතුම්!
ReplyDeleteස්තුතියි මිතුරා....
Deleteජය වේවා..!!!!
ReplyDeleteස්තුතියි මිතුර....
Deleteයේයේයේයයේයේ.......... යශ්ටියට ජය
ReplyDeleteස්තුතියි මිතුර....
Deleteමේකේ මාව කාලා.... #&%යා.....
ReplyDeleteසුභ ගමන් මචන්... බ්ලොග් පොරක් වෙන්න ලැබේවා
මොකක්ද බොල කාලා තියෙන්නේ,උඹ දන්නවනේ මම ගවමස් කන්නැහැ කියල.
Deleteලියාගෙන යමුකෝ.
ReplyDeleteස්තුතියි සහෝ...
Deleteඔන්න පොඩි පුතේ මි ගොඩ මලයා කිව්ව පාර අනුව ආව මේ පැත්තට. ඉතින් ලියහංකෝ අපි එන්නං බලන්න.
ReplyDeleteමම සමකය වටේ ලියන නලින්
ස්තුතියි මිතුර....
Deleteඔන්න සුබ පතනවා බොක්කෙන් , ජය වේවා , කියල :D
ReplyDeleteස්තුතියි මිතුර....
Deleteලියමු සහෝදරයා...අපි එන්නම් බලන්න. සුභ පැතුම්!
ReplyDeleteස්තුතියි සහෝදරයා,අනිවා ඇවිත් යන්න එන්න.
Deleteනියමයි ඈ.දිගටම කරගෙන යන්න වාසනාව ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා
ReplyDeleteමාව මතකයිද මන්දා
පිස්සුද මල්ලි,ඔයාගෙනුත් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා,මට මුල අමතක වෙන්නේ නැහැ.ස්තුතියි ආවට..ආයේ එන්න.
Deleteඑල.එල. දැනෙන්න ලියන්න.මගෙ සුබ පැතුම්.!
ReplyDeleteThank you for sharing your thoughts. I truly appreciate
ReplyDeleteyour efforts and I am waiting for your next write ups thank you
once again.
my web site ... cccam tester