දුහුල් සළු හැදී රාගනෙතු ඔබේ
දකින විට මම පෙරදිනේ
සිහිඋනා කල කවට කෙලිකම්
මතක නොමියෙන අතීතේ
අපේ ආදර පෙම් කතාවට
වසර හතරක් ගතවුනේ
මා එපා වී ගිය ඔබම ගැන
ලතවුනා මුළු ජිවිතේ
නුඹ වැළදගත් අන්ධ පැතුමන්
කඩා බිඳ දැම්මේ කෙසේ
කවරදා හෝ ඔබ දකින්නට
පැතුම් පැතුවා හැම දිනේ
පෝයදා පුරහදක් විලසට
මැවුණු ඒ රුව හදිසියේ
පෙම්වතිය මගේ එදා සිටි ඔබ
මෙහෙනියක ඌවේ කෙසේ
මට නාමල් උඩුගමගේ ගේ සින්දුවක් මතක් උනා...
ReplyDeleteසංවේදීයි පද ටික..
ස්තුතියි ලිහිණි,
Deleteඅපූරු පද ටික. මටත් මතක් උනේ නාමල්ගේ සින්දුව. මේකත් ගීයකට සුදුසුයි කියල හිතෙනවා මට නම්.
ReplyDeleteස්තුතියි චන්දන සහෝ,
Deleteමෙහෙණියක වී සසර කතරින් එතෙර වන්නට පාරමි දම් පුරනා
ReplyDeleteඔබ පෙම්වතියක් ලෙසින් එදා මා.......
මට නාමල්ගෙ සිංදුවෙ මෙච්චරයි මතක....
ලස්සනයි......
පිසාචයා....ස්තුතියි යාලු....
Deleteමෙන්න සහෝ නාමල්ගේ සින්දුව.
මෙහෙණියක වී සසර කතරින්
එතෙර වන්නට පාරමී පුරනා...
ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා
පෙමින් එදා මා ළඟ උන්නා...
අවිහිංසක ඔබ අවිහිංසක මා
දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා...
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද
දහස් වරක් දෙගුරුන් රිදවූවා...//
මෙහෙණියක වී...
පළිගන්නට මිස පිළිගන්නට මා
දෙගුරුන්ගේ සිත් නොකැමැති වූවා...
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට
කසාවතට ඔබෙ වත දන් දුන්නා...//
මෙහෙණියක වී...
ඇයි අර තවත් සින්දුවක් තියෙනවා නේද ඔය මෙහෙණියක් වුනු කෙනෙක් ගැන.... මට සින්දුවේ පද මතක නෑ....
ReplyDeleteපද පෙලියක්වත් මතක නම් කියන්න සමනළි..
Deleteමචන් අද තමා අවේ පුදුම විදිහට අවුල්
ReplyDeleteඋන මේක දැකල මාව ...
ඒ මොකද සහෝ....
Deleteඔහොම දේවල් ටිකක් මගේ ජීවිතෙත් තියෙනවා...
ReplyDeleteජිවිතේ ඔහොම තමා යාලු,අපිට ජිවිතයේ වෙනස් කරන්න පුළුවන් ප්රමාණය අඩුයි,
Deleteකියවද්දී මැවිලා පෙනුනේ මගේ කෑල්ලකුත් එහෙම ඉන්නවා වගේ....කොහෙද අපිට එහෙම දකින්න පිනක් නෑනේ
ReplyDeleteඑතකොට් උමා ට කෑලි කියද????????
Delete(සතුටුයි අදහසක් එක්කලාට,විහිලුකලාට අමනාප වෙන්නැති වෙයි නේද???)