5 years ago
03 December 2012
බේබද්දා....
සුරා මතින් කෑ ගසමින්
නිතරම දුම් උගුරැ බොමින්
ගෙවන ජිවිතේ සැපක්ද
කියාපන් ඉතින්...
ළමා ලපටි බඩගින්නේ
හඩා වැටෙයි ගේ මුල්ලේ
කන්න ටිකක් ගිහින් දෙන්න
නැද්ද අදහසක්...
උදේ ඉදන් වැඩ කරලා
ගත්ත සොච්චමත් දීලා
බිලා බිලා ගෙදර ගිහින්
නටයි නාඩගම්...
මේකම ජිවිතයම නම්
පවුල් දිවිය අවදානම්
ජිවිතයෙන් වන්දි ගෙවල
මැරිලම පලයන්.........
Subscribe to:
Post Comments (Atom)
අප්පේ...ඒකනම් ඇත්ත බං!
ReplyDeleteබොන හැමෝම මෙහෙම නොවුනත් මේ වගේ කාලකන්නි පිරිසක් ඉන්නවා නේද සහෝ,ස්තුතියි අදහසට
Deleteඔව් මැරිලම පල කියලා තමයි කියන්න වෙන්නේ..එහෙව් ජීවිතේකින් ඇති වැඩක් නැනේ...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
මේ වගේ උන් මැරිලා යන එක දරු පවුලටත්,රටටත් හැමෝටමත් ලොකු වාසියක්,ස්තුතියි රතී අදහසට.
Deleteඅහිංසක දරු පවුලම ඉවරයි...ඇත්තටම මෙහෙම අයත් ඉන්නවනේ අපි අතර..
ReplyDeleteබොන එක වැරදියි කියන්නෙම නැහැ,එත් හරි කියන්නනත් බැහැ,හවසට හීනියට පොඩි අඩියක් ගහල කාටවත් නොදැනෙන්න ගෙදර දොරේ අවශ්‍ය බඩු බාහිරාදියත්,දරුපැටවුන්ට මොනවා හරි දෙයකුත් අරන් ගිහින් විහිළුවෙන් ලස්සනට ජීවිතය ගෙවන අයත් ඉන්නවා,
Deleteඑත් මේ වගේ කාලකන්නි අපේ රටේ වැඩි එක ගැන දුකයි.
ස්තුතියි dreams අදහසට.
ඇත්ත ඇත්ත. හ්ම්ම්.
ReplyDeleteස්තුතියි සිහින මදාරා
Deleteහප්පෝ අපේ පුංචිගේ මිනිහත් බොනවා..
ReplyDeleteදවසක් මන් හොම්බට ඇන්න ..
මට පෙන්න බැහැ බීල ගෑනි ඉස්සරහ රගන උන්
එක ඇත්ත silentsahan සහෝ,සමහරු කටේ ගාගත්තත් බෝතලයක් ගැහුවා වගේ,
Deleteස්තුතියි අදහස් වලට.
සහතික ඇත්ත....
ReplyDeleteඒ වගේ උන් නම් මැරිලා යන තරමට හොදයි...
පවුලට,දෙමවුපියන්ට,රටට,ලෝකෙට ඇති වැඩක් නෑ...
අනිවා දමිත් සහෝ,......
Deleteස්තුතියි අදහස් එක කලාට
අන්න හරි කියපන් කියපන් ඕකුන් මැරිලම පල....එතකොටවත් අපිට පාඩුවේ චුට්ටක් බීලා පාඩුවේ ඉන්න පුළුවන්...නැත්නම් යකෝ බාර් එකට ගියාම මුන් වටේම පිරිලා....(අපේ අප්පේ මම විහිලුවට කිවුවේ...අපි බොන්නෙත් නෑ,ඕනත් නෑ..)
ReplyDeleteහික්....ඔය කිව්වට
Delete